සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයකු වන සමන් රත්නප්‍රිය මහතා ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.
සමන් රත්නප්‍රිය මහතා මීට වසර කිහිපයකට පෙර කෙටි කලකට එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ද පත්ව සිටියේය.
RN