*
Wednesday, May 15, 2024
spot_img

Latest Posts

පොහොට්ටුවේ දෙදරීම වැඩිවෙයි. කෑලි තුනකට කැඩෙන ලකුණු !

ආණ්ඩු පක්ෂය හැටියට එකට හිටියාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළේ ගැටුම් රාශියක් තියෙනවාය කියන එක පහුගිය දවස්වල කාටවුණත් පෙනෙන්න තිබ්බ දෙයක්.

මේ වෙද්දී එකට වැඩ කළාට මොකද, පොහොට්ටුවේ පාර්ශ්ව තුනක් පැහැදිලිවම වෙන් වෙලාලු ඉන්නේ.

ඒ, බැසිල් පිල, නාමල් පිල සහ ජනාධිපති රනිල්ට සහාය දෙන පිල විදියට.

පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම්, මහාචාර්ය රංජිත් බණ්ඩාර, ජයන්ත කැටගොඩ වගේ බැසිල්ගේ ගෝලයෝ ටික විතරක් නෙවෙයි ඇමතිකම් නැතුව කළකිරීමෙන් ඉන්න පොහොට්ටු ජ්‍යේෂ්ඨයින් ටිකත් දැන් ඉන්නේ බැසිල් පිලේ. වයස අවුරුදු 72ක් වෙන බැසිල්ගේ වුවමනාව තියෙන්නේ කොහොමහරි ආණ්ඩු බලය දිගටම පවත්වාගෙන යන්න. ඒ වෙනුවෙන් ජනාධිපති රනිල්ට සහාය දෙන ගමන් රනිල් එක්ක පුළුවන් තරම් කේවල් කරලා තමන්ගෙ පැත්තට ගන්න පුළුවන් උපරිම දේවල් ගන්න එක තමයි එයාගෙ ඉලක්කය. අගමැති හීනයකුත් ඔය අස්සේ තියෙනවා කියලා ආරංචියි. මේ දවස්වලත් බැසිල්ගේ කට්ටිය ඔය ජනාධිපති රනිල්ට තැන්තැන්වල ගහන්නේ කේවල් කිරීමේ බලය වැඩිකර ගන්නලු. ඉදිරි ජනාධිපතිවරණයේදීත් රනිල් එක්කම යන්න බැසිල් කැමැත්තෙන් ඉන්නේ කියලා තමයි කියවෙන්නේ.

හැබැයි නාමල් රාජපක්ෂ මේ ගැන හිතන්නේ වෙන විදියකට ලු. තවමත් තරුණ වයසේ ඉන්න නාමල්ගේ ටාගට් එක අවුරුදු 45 වෙන්න කලින් ජනාධිපති වෙන එකලු. ඒකට යන්න තියෙන හොඳම ක්‍රමය ඊළඟ අවුරුදු 5 විපක්ෂයට ගිහින් විපක්ෂ නායක වෙලා 2030 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන කියලා තමයි නාමල් පිලේ අදහස. දිගටම ජනාධිපති රනිල් එක්ක එල්ලිලා හිටියොත් ඒක නාමල්ගේ දේශපාලන අනාගතයට අන්තිම නරක විදියට බලපානවා කියලා තමයිලු නාමල්ගේ කණ්ඩායම කියන්නේ. නාමල් ආණ්ඩුවේ ඉන්න ගමන් ආණ්ඩුව විවේචනය කරකර, දෙවැනි පරපුර කියලා සංවිධානයකුත් ඉස්සරහට තල්ලු කරමින් මේ දවස්වල ලෑස්ති වෙන්නේ දීර්ඝ කාලීන වැඩපිළිවෙලකට කියලායි ආරංචි.

පොහොට්ටුවේ අනිත් කොටස ප්‍රසන්න රණතුංග, කංචන විජේසේකර ඇතුළු දැනටත් ආණ්ඩුවේ ඇමතිකම් දරණ, ඉදිරියටත් රනිල් එක්කම යායුතුයි කියලා තීරණය කරලා ඉන්න කොටස. රාජපක්ෂලා යටතේ ඇමතිකම් කරද්දී තිබුණා වගේ බලපෑම් හෝ පීඩනයක් ජනාධිපති රනිල් යටතේ නැති නිසා මේ කට්ටිය දැන් තියෙන තත්වයට හරිම කැමැත්තෙන් ලු ඉන්නේ. තරුණ මන්ත්‍රීවරුන් ගණනාවකුත් මේ පිලත් එක්ක ඉන්නවා කියලා ආරංචියි. ඔවුන්ගේ මතය වෙලා තියෙන්නේ රනිල් එක්ක පොහොට්ටු ආණ්ඩුවක් ආයෙ පිහිටුවන්න ඕනෙ, හැබැයි රාජපක්ෂලා ආයෙත් ඒ ආණ්ඩුවේ බලධාරීන් වෙන්න ඕනෙ නෑ කියන එකලු. මහින්දානන්දත් මෑතක ඉඳන් මේ පිලට එකතු වෙලා ඉන්නෙ.

මේ තුන්ගොල්ල අතරේ ආතතිය වැඩිවෙන විදිය අනුව නම් වැඩි කාලයක් මේ අයට එකට ඉන්න බැරිවෙයි කියලා තමයි ආරංචිමාර්ග කියන්නේ. හැබැයි මොකක් වුණත් ඡන්දයකට කලින් ආණ්ඩුව වැටෙන තැනට මේ කවුරුත් කටයුතු කරන්න යන්නේ නෑ කියන එකත් ෂුවර් ලු ….

CW

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan