*
Wednesday, May 15, 2024
spot_img

Latest Posts

රනිල් ඇවිත් කළේ පෝළිම් නැතිකළ එක විතරයි  – මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  අධික ජීවන බර අද වන වනවිට වැඩි වී ඇති  මොහොතක, විදුලි බිල තෙල් මිල ඒ වගේම උපයන විට බද්ධ සියල්ලම වැඩිවී ඇති බවත් , රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වී අවුරුද්දයි මාස දෙකක් ගෙවී ගොස් ඇති තැන මේ රටේ සිදුවී ඇත්තේ පෝලිං නැති කළ එක පමණක් බවත් , නිදහස ජනතා සභාවේ මාධ්‍ය සාකච්ඡාවකදී (08/03)  පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති පවසයි.

මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති අදහස්  දක්වමින් …

“හම්බන්තොට ගොවි ජනතාව අසරණ තත්ත්වයට පත්වෙලා අක්කර 65,000 කුඹුරු පුරන් වීගන යන තත්වයකට පත්වෙලා දින පහළොවත් විස්සක් තිස්සේ වතුර දෙන්න බැරිවෙලා. කාංචන ඇමැතිවරයා දෙවුන්දර වෙන්න පුළුවන් බතුමාගේ ක්‍රියාපටිපාටිය නිසා හම්බන්තොට ගොවීන්ට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් උදාවෙලා ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට කියන්නේ තමන්ගේ බලය ගැන කටයුතු නොකර සමනලවැව ජලාශයෙන් වතුර ටික දෙන්න.

අද වන විට අධික ජීවන බර වැඩි වෙලා තියෙන මොහොතක , විදුලි බිල තෙල් මිල ඒ වගේම උපයන විට බද්ධ.  රනිල් මැතිතුමා අවුරුද්දයි මාස දෙකක් දැන් මේ රට කරල තියෙනවා
පෝලිං විතරයි නැති කලේ උද්ධමනය ඇති කරලා තියෙනවා ගෙවන්න තියෙන ණය වාරිකය ගෙවන්නෙ නැතුව ඉන්නවා. ඒ වගේම අද සෞඛ්‍යයට වෙලා තියෙන හානිය රෝහල් වල  බෙහෙත් වර්ග හැත්තෑ එකක් නැවතත් ආපසු අමාත්‍යාංශයට කැඳවලා තියෙනවා. මේවා මෙහෙම  වුනේ හදිස්සි මිලදී ගැනීම නිසයි.

සෞඛ්‍ය ඇමැති ඉන්දියාවේ බෙහෙත් සමාගම් බලන්න ගියා ඔහුට පහසුකම්  දුන්නේ  ඒ සමාගම් වෙන රටවල් වල නම් සිංගප්පූරුවේ වගේ රටක නම් ඇමතිවරයා ඉල්ලා අස් වෙන්න ඕනේ. ඒ වගේ පහසුකම් අරන් බෙහෙත් සමාගම් බලන්න ගියාට,ඖෂධ අර්බුදය නිර්මාණය කළේ ආණ්ඩුව,දැන් අද මේ වන විට වතුර බිල සියයට 50 කින් ඉහළ දමා තිබෙනවා, විදුලිබිල සංශෝධනය කරලා විදුලිය දෙන්න පුළුවන් කියල කතා කරා. දැන් ගොවි ජනතාවට වතුර දෙන්න විදිහක් නැහැ කියලා කතා කරනවා”

නීතිඥ උදයන කිරිඳි ගොඩ මහතා ,

” විදුලි අර්බුදයට විසඳුම් කියලා මිල සංශෝධනය කරලා ඇයි දැන් මේ විදුලි කප්පාදුවක් ගැන කතා කරන්නේ ලෝකෙටම උදම් අනලා.මෙය කරන්නේ ප්‍රසම්පාදන ක්‍රම වේදයෙන් තොරව පෞද්ගලිකව විදුලිය ලබා ගැනීමකටද

දැන් හදිසියෙන්ම 13 ගේන්න යන්නේ තමන්ගේ දේශපාලන කුට්ටි වැඩි කරගැනීමට ජාති ආලය ආගම් භේද වලට ද යන්නෙ. ජාතිය ආගම් භේද සංහිඳියාවට බරපතළ ප්‍රශ්න මතුවෙනවා දේශපාලකයන් හැටියට සංහිඳියාව වෙනුවෙන් කටයුතු කළ යුතුයි.

අපි ත්‍රෛනිකායික හිමිවරුන් සමග කතා කරනවා දූෂිත දේශපාලනය මේ රටින් තුරන් කරන්නේ කොහොමද කියලා

ඒ සඳහා නව මැතිවරණ ක්‍රමයක් අවශ්‍යයි system change එකකට යන්න නම් මැතිවරණ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ, මේ රටේ හැම ආයතනයක්ම දුෂිතයි “

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan