*
Friday, April 19, 2024
spot_img

Latest Posts

රත්නප්‍රියට ආ පයින්ම යන්න වෙයිද?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් ධූරයට වෘත්තීය සමිති නායකයෙකු වන සමන් රත්නප්‍රිය මහතා පත් කිරීමට කටයුතු කර තිබේ.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන සමන් රත්නප්‍රිය මහතා පසුගිය යහපාලන ආණ්ඩුව සමයේද මාස කිහිපයක් පාර්ලිමේන්තුව නියෝජනය කළේ ද එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමිනි. එම කෙටි කාලයටද ඔහුට චෝදනා එල්ල වූයේ ඔහුට හිමි වාහන පර්මිට් එක රු. මිලියන 60කට විකුණා ඇති බවටය.

කෙසේවෙතත් මේ වන විට ඔහුව එම තනතුරට පත් කිරීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති ක්ෂේත්‍රය තුළ මේ වන විටත් යම් දෙගිඩියාවක් වෙයි.

විශේෂයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති වෙතින් දැනටමත් යම් විරෝධයක් රත්නප්‍රිය මහතාගේ මෙම පත්වීමට එල්ල වෙමින් තිබෙන අතර ඊයේ (03) දිනය වන විට සිය සහෝදර වෘත්තීය සමිති නායකයෙකු වන ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතාව අත්අඩංගුවට ගැනීමේ සිද්ධියත් සමඟ එය තවදුරටත් ඇවිලුණ ආකාරය සමාජ මාධ්‍ය හරහා පෙනෙන්නට තිබුණි.

අත්අඩංගුවට ගත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින්ට පොලිස් ඇප ලබා දීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාව දැනුවත් කර තිබෙන බවත් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කර තිබුණු අතර
යම් වරදක් සිදු වී ඇත්නම් අධිකරණය වෙත ඉදිපත් කර ඒ මාර්ගයෙන් දඬුවම් දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බලධාරීන් දැනුවත් කළ බව ද ඔහු සඳහන් කර තිබුණි.

එමෙන්ම ජෝශප් ස්ටාලින් වෙනුවෙන් ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරයා ඉදිරියේ පෙනී සිටින බව ද ඔහු අවධාරණය කර ඇත.

කෙසේවෙතත් ඊයේ දිනයේදී ජෝශප් ස්ටාලින්ට ආණ්ඩුව අත තැබූ අතර ඔහුට එල්ල වී තිබුණු චෝදනාව අනුව සමන් රත්නප්‍රියටද එම චෝදනාවම එල්ල විය යුතු වන අතර ඔවුන් දෙදෙනාම අදාළ චෝදනා ලැබූ උද්ඝෝෂණයට එක්ව සිටින අයුරු දක්නට ලැබුණි.

ස්වාධීන තනතුරක් වෙනුවෙන් එලෙස දේශපාලන ස්වාධීනත්වයක් නොමැති අයෙක් පත් වූ විට සියල්ල කැඳ හැලියක් වීම වළක්වනු නොහැකිය. එය ඊයේ දින ජෝශප් ස්ටාලින්ගේ සිදුවීමෙන්ම පසක් කර තිබේ.

මේ වන විට සෞඛ්‍ය වෘත්තීය සමිති ක්ෂේත්‍රයෙන් රත්නප්‍රිය මහතා වෙත විරෝධය පළවෙමින් ඇත්තේ ඔහු කොහෙත්ම එම තනතුරට සුදුසුකම් නොලබන තැනැත්තෙක් බව ප්‍රකාශ කරමිනි.

රත්නප්‍රිය මහතා මාණ්ඩලික හෙද ශ්‍රේණියේ නොවන හෙද නිලධාරියෙක් වන අතර අවම වශයෙන් සෞඛ්‍ය වෘත්තීය සමිති හෝ කළමනාකරණය කර ගැනීමට ඔහුට හැකියාවක් නැති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

වෘත්තීය සමිති අතරද දේශපාලන ඝට්ටනයන් වෙයි. මතවාද, ප්‍රතිපත්ති එකිනෙකට වෙනස්ය. එහි විවාදයක් නැත. එහෙයින් මෙවන් තනතුරුවලට වඩාත් ගැළපෙන්නේ ස්වාධීන පුද්ගලයෙකු හැර පැහැදිලි ලෙසම දේශපාලන මතයක් දරන වෘත්තීය සමිතියක් මෙහෙයවන තැනැත්තෙක් නොවේ.

එහෙත් දැන් එම වරද සිදුවී හමාරය. එය නිවැරදි කරගැනීමට සමන් රත්නප්‍රිය මහතා කුමන ආකාරයකට මැදිහත්වනු ඇත්ද යන්න අපි නොදනිමු.

පසුගිය මැයි 09 වැනිදා සිට ඇරඹුණු මහජන අරගලය තුළද වෘත්තීය සමිති නායකයෙක් ලෙස සමන් රත්නප්‍රිය මහතා සිය සහය දැක්වීම සිදුකරන අයුරු දක්නට ලැබුණු අතර පසුගිය මාර්තුවේ පැවති වැඩවර්ජනය ද මෙහෙය වූ තැනැත්තෙකි.

එනයින් බලන කළ මෙකී පත්වීම් ඇත්ත වශයෙන්ම උභතෝකෝටිකය.

එහෙත් මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතා අතට ආණ්ඩු බලය විතැන් වීමත් සමඟ රත්නප්‍රියගේ ඉස්මතුවීම සිදුව තිබේ.

ඊට සාපේක්ෂව ඔහු වෙත අභ්‍යන්තරිකව සෙසු වෘත්තීය සමිති වෙතින් එල්ල වෙමින් තිබෙන විරෝධයද මතු වෙමින් ඇත.

අවස්ථානුගතව හතුරු මිතුරුකම් නොමැති දේශපාලන පිටිය තුළ එක් අතකින් මේවා අරුමයන්ද නොවේ. අවසානයේ දකුණත කරන දේ වමත දන්නේ නැත. වමත කරන දේ දකුණත දන්නේ නැත.

සෙස්සන්ටද වගේ වගක් නැති වන තැනට පත්වන්නට සිදුවෙයි. හේතු ඵල සම්බන්ධයද ඉතා අපූරුවට ගැළපීම සිදුකරනු ඇත.

අවසානයේ ප්‍රශ්න පල් ගඳ ගසමින් එතැනමය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan