එකම ජෝෂප් ස්ටාලින් සහ දෙවිදියක රනිල් හෙවත් පා.ම. රනිල්ට එදිරිව වි.ජ. රනිල් ! (VIDEO)

Date:

2021 වසරේ ජුලි 08 වනදා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහිව පැවති උද්ඝෝෂණයක් අතරතුර ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් ඇතුළු 33 දෙනෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගත් අතර අධිකරණය ඔවුන්ව ඇප මත නිදහස් කළ නමුත් පොලිසිය මැදිහත්ව ස්ටාලින් ඇතුළු 16 දෙනෙකුව බලහත්කාරයෙන් මුලතිව් ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයකට යවන ලදී.

ඊට පසුදින, එවකට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පැවසුවේ ජෝෂප් ස්ටාලින් යනු යුරෝපා සංගමයත් දන්නා වෘත්තීය සමිති නායකයකු බවත් ඔහුව සිරගත කිරීමෙන් GSP+ සහනය පවා රටට නොලැබී යාමට ඉඩ ඇති බවත් ය.

“මුදල් අමාත්‍යාංශය යටතේ මේ අවස්ථාවේදී මම බැලුවේ අපට ජීඑස්පී ප්ලස් තත්වයත් දැනුම් දෙනවාද කියලා. මොකද විශේෂයෙන්ම ඒ අනතුරු හැඟවීමෙන් පස්සෙ එල්ටීටීඊ සිරකරුවන් නිදහස් කිරීමෙන් යම්කිසි පාලනයක් ඇතිවෙලා තියෙනවා. ඒත් ඊයෙ (2021.07.08) ඇතිවෙච්ච සිද්ධියේදී අපේ වෘත්තීය සමිති නායකයෙක් වන ජෝෂප් ස්ටැලින් යුරෝපීය සංගමය දන්න පුද්ගලයෙක්. 2016 මම මේ ගැන සාකච්ඡා කරන්න යද්දී එතුමාත්, අපේ වෙළඳ කලාපයේ සංගමයේ අයත් ඔක්කොම එක්ක කතා කළා. දැන් මෙතන ඇත්ත වශයෙන්ම යුරෝපා සංගමයෙන්, ජාත්‍යන්තර කම්කරු සංගමයෙන් මේක සිදුවෙන්න යනවා. මොකද මෙතන කිසිම නීතියක් නෑ. ඉතින් මම කැමතියි අහන්න විශේෂයෙන්ම මුදල් ඇමතිතුමාට මේ පිළිබඳ වෘත්තීය සමිති එක්ක විගහට සාකච්ඡා කරලා පොලිසිය පිළිබඳවත් කොමිටියක් පත්කරන්න. නැත්නම් කරලා තියෙන සේරම හොඳ වැඩටික එක සැරේම හේදිලා යන්න පුළුවන්”

ඊට හරියටම වසරකුත් දින 25කට පසුව ඒ රනිල් වික්‍රමසිංහ මහතා ම රටේ විධායක ජනාධිපතිවරයාව සිටින අතර සුපුරුදු පරිදි උද්ඝෝෂණයක නියැළීම හේතුවෙන් ඒ ජෝෂප් ස්ටාලින්ව ම සිරගත කර තිබේ.

ඊටත් වඩා විහිළුව වන්නේ ස්ටාලින්ව සිරගත කෙරුණු සිද්ධියට අදාළ උද්ඝෝෂණයට ජනාධිපති රනිල්ගේ වත්මන් වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය ද සහභාගී වී තිබීම ය. එකම උද්ඝෝෂණයට ගිය එක් අයෙකුට ජනපති රනිල් තම කාර්ය මණ්ඩලයේ පත්වීමක් ලබාදී ඇති අතර තවත් අයෙකුට ඒ නිසා සිරගත වීමට සිදුව ඇත.

ඉතින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමනි, ඔබට වෘත්තීය අයිතිවාසිකම් ගැන, ප්‍රජාතන්ත්‍රවාදය ගැන, ජීඑස්පී ප්ලස් සහනය ගැන, මතක තිබෙන්නේ විපක්ෂයේ සිටිනා විට පමණද ? එසේත් නොමැති නම් මේ ජනාධිපති වී සිටින්නේ ගිය අවුරුද්දේ විපක්ෂයේ සිටි රනිල් නොව වෙන කෙනෙක්ද ?

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැකෝ සමන්ගේ බිරිඳ යළි රිමාන්ඩ්!

කොළඹ LNW: මුදල් විශුද්ධිකරණය වැළක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර...

මකන්න හදන්න එපා,සුමේධ තවත් ඇඳ ඉවර නැති සිතුවමකි.

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: හෙල්ල වීසි කිරීමේ ඉසව්වකදී හෙල්ලයේ පියාසැරි...

අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී සමරයි!

කොළඹ LNW: අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී...

මන්ත්‍රී රවීගෙන් තවත් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

කොළඹ LNW:ආර්ථික අර්බුදයකට ලක්වී සිටින සුළු හා මධ්‍ය පරිමාණ...