*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

මිහින්තලා පුදබිමේ අඳුර දුරු කරමින් සමඟි ජන බලවේගය විදුලි බිල ගෙවා දමයි.

මිහින්තලා පුදබිමේ ගෙවීමට තිබූ දැවැන්ත විදුලි බිල එනම් ලක්ෂ 41 ක් වැනි විදුලි බිල නොගෙවීම හේතුවෙන් ඊයේ දිනයේ විහාරස්ථානයේ විදුලිය විසන්ධි කර තිබුණි . එහිදී ඒ පිළිබඳ සාකච්ඡා පවත්වා පැය 24 ක් යන්නටත් මත්තෙන් එම ලක්ෂ 41 ක් වැනි විශාල විදුලි බිල සමඟි ජනබල වේගය විසින් ගෙවා දැමීමට කටයුතු කර ඇත. ඒ පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

මිහින්තලේ විදුලි බිල ගෙවීම පිළිබඳව විපක්ෂ නායකතුමා නිකුත් කළ නිවේදනය

මෙරටට බුදු දහම රැගෙන පැමිණි මිහිඳු හිමියන්ගේ පාද ස්පර්ශයට පත් වූව වූ ඓතිහාසික මිහින්තලේ රජමහා විහාරස්ථානයට දැවැන්ත විදුලි බිලක බරක් ආණ්ඩුව විසින් පටවා තිබූ අතර ඒ හේතුකොටගෙන විහාරස්ථානයේ විහාරාධිපතීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයද සියලු බැතිමතුන්ද බලවත් පීඩනයට සහ අපහසුතා වලට ලක් වූහ.

මේ තත්ත්වය පිළිබඳ අපගේ විශේෂ අවධානය යොමු වූ අතර පසුගියදා මිහින්තලේ විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ දී ගරු නායක මාහිමිපාණන් වහන්සේ මුණගැසී අප පොරොන්දු වූ වූයේ අදාළ විදුලි බිල ගෙවා දමන බවට සහ ඉදිරි පෙරහර කටයුතු වලට වැයවෙන විදුලි බිල ද ගෙවන්නට කටයුතු කරන බවය .

එසේ සාකච්ඡා කොට දින දෙකක් යන්නටත් මත්තෙන් ආණ්ඩුව විසින් මිහින්තලා පුදබිමේ විදුලිය කප්පාදු කර දමන්නේ සිය මිතුරන්ගේ නිවාස වල වසර ගණන් එකතු වූ නොගෙවූ බිල්පත් තිබියදී එම නිවාස වල විදුලිය විසන්ධි කිරීමට සිතුවිල්ලකින්වත් උත්සුක නොවන පසුබිමක සිටයි .

වචනය ක්‍රියාවෙන් ඔප්පු කිරීම අපගේ ප්‍රතිපත්තිය වන අතර නායක හිමිපාණන් වහන්සේ බැහැදැක අප විසින් ලබා දුන් පොරොන්දුව දෙදිනක් තුළ ඉටු කරමින් ඓතිහාසික මිහින්තලේ රජමහා විහාරස්ථානයේ රුපියල් ලක්ෂ හතළිස් එකක් වූ විදුලි බිල සමගි ජන බලවේගය සාමාජිකයන්ගේ හා ධනපතීන්ගේ පරිත්‍යාගය ගෙවා දැමීමට කටයුතු කළ බව සදහන් කරමි.

රටක ශිෂ්ටාචාරයක් පෝෂණය කළ ඓතිහාසික කේන්ද්‍රස්ථානයකින් සිදුවන ආගමික සංස්කෘතික සහ සමාජීය මෙහෙවර වචනවලින් සීමා කළ නොහැකි අතර එවැනි ස්ථාන උදෙසා හැකි පමණ සහයෝගය ලබාදීම අපගේ වගකීමක් බවද සදහන් කරනු කැමැත්තෙමි.

අවස්ථාවාදය උදෙසා පමණක් ආගම දහම ඉතිහාසය මෙන්ම සංස්කෘතිය ද යොදා ගන්නා ආණ්ඩුව සිය සැබෑ ස්වරූපය ඔප්පු කොට ඇත්තේ මෙවැනි ආගමික සිද්ධස්ථාන අරභයා ක්‍රියාත්මක කෙනහිලිකම් තුළින් වන අතර අපි ආණ්ඩුවට අවධාරණය කරන්නේ මෙවැනි බියගුළු සහ අත්තනෝමතික කටයුතු ඔස්සේ බෞද්ධාගමික සහ අනෙකුත් ආගමික ස්ථානවලට කරනු ලබන කෙරෙහිකම් වහා නවත්වන ලෙසයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සහ
සමඟි ජනබලවේගයේ නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan