රොෂාන් මූලික තරගයෙන් ඉවතට

Date:

චීනයේ චෙන්ගුඩු කේන්ද්‍ර කර ගනිමින් පැවත්වෙන ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා අංශයේ මීටර් 110 කඩුලු පැනීමේ ඉසව්ව නියෝජනය කළ රොෂාන් ධම්මික රණතුංගට සිය මූලික තරගයේදී අටවන ස්ථානයෙන් සෑහෙන්නට සිදු වුණා.සබරගමුව විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාව අංශයේ පීඨයේ ලබන රොෂාන් එම ඉසව්වේ හිටපු ජාතික වාර්තාලාභියා ද වෙනවා.
තත්පර 13.89 ක දක්ෂතාවයක් දක්වමින් ජාතික වාර්තාව තබා සිටි රොෂාන් රණතුංග උස පැනීමේ ඉසව්වෙන් ද ශ්‍රී ලංකාව නියෝජනය කර තිබෙනවා.උස පැනීමේ ඉසව්වෙන් මීටර් 2.25 ක දක්ෂතාවයක් දක්වා ඇති රොෂාන්,තුන් පිම්ම ඉසව්වේදී දක්වා ඇති උපරිම දක්ෂතාවය මීටර් 15.45 ත් වෙනවා.නමුත් රොෂාන් මෙම තරගයේදී වාර්තා කළ කාලය සටහන් වූයේ තත්පර 14.08 කි.


රොෂාන් ගොඩකවෙල කුලරත්න විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අවධියේ සිටම පුහුණුවීම් සිදු කරනු ලබන්නේ තිරෝන් ගමගේ යටතේ යි.ලංකාවේ ක්‍රීඩාව විෂයක් ලෙස හැදෑරිමට විශ්ව විද්‍යාල ගතවන මොහොතේ සිටම වැඩි බරක් දරන්නට සිදුවන්නේ ප්‍රායෝගිකව පුහුණුවීම්වලට නොවන අතර සිද්ධාන්ත හැදෑරීමට වන අතර මේ තත්ත්වය මත ක්‍රීඩා හැකියාවන්ගේ යම් පසුබෑමක් සිදු විය හැකි තත්ත්යන්ද තිබෙන බව විශ්ව විද්‍යාල බලධාරීන් අවධානය යොමු කළ යුතුව පවතිනිවා.


මෙම තරගාවලියට තුන් පිම්ම ඉසව්ව නියෝජනය කරන්නට චමල් කුමාරසිරි ජයවර්ධනපුර සරසවියෙන් එක්ව සිටින අතර එම විශ්ව විද්‍යාලයේම දසුන් සමරවීර උස පැනීමේ තරගය නියෝජනය කරනවා.මීටර් 100 සහ 200 ඉසව් නියෝජනය කරන්නට නියමිත වූ අමාශා මීටර් 100 මූලික තරගවලදී අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලද්දේ වුව ද,ආබාධයකට ගොදුරු වීම නිසා තරග බිමෙන් ඉවත් වී සිටියි.ඇයද ජයවර්ධනපුර විශව විධ්‍යාලය නියෝජනය කරන්නීය.
වෙරංගා තිසරණි ද සබරගමුව විශ්ව විද්‍යාලය හරහා ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා සිටින මලල ක්‍රීඩිකාවක් වන අතර ඇය මිටිය වීසි කිරීමේ ඉසව්ව නියෝජනය කරයි.සබරගමුව විශ්ව විද්‍යාලයම නියෝජනය කරන රිද්මා නිෂාදි දුර පැනීමේ ඉසව්වට සහභාගි වන්නීය.
මලල ක්‍රීඩාවට අමතරව මෙම ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙලට මේස පන්දු තරග නියෝජනය කරන්නට හිරුන වරුෂවිතාන (මොරටුව විශ්ව විද්‍යාලය),නිමේෂ් රංචාගොඩ (මොරටුව විශ්ව විද්‍යාලය),නුවන්ත කහවත්ත (සබරගමුව විශ්ව විද්‍යාලය),තනුෂි රොද්‍රිගෝ (කැළණිය විශ්ව විද්‍යාලය) සහ චමත්සරා ප්‍රනාන්දු (මොරටුව විශ්ව විද්‍යාලය) යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එක් වෙති.
බැඩමින්ටන් ක්‍රීඩාව නියෝජනය කරමින් ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙලට සහභාගි වන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හරිනි නුශාකා අම්බලන්ගොඩගේ සහ හසාරා විජයරත්න ක්‍රීඩිකාවෝය.ජිමිනාස්ටික් ක්‍රීඩාව නියෝජනය කරන එකම ක්‍රීඩිකාව අමායා කළුකොට්ටගේ ය.පිහිණුම් ඉසව් නියෝජනය කරන්නට චතුල්ෂ පසන් දලපදාදු (රුහුණ විශ්ව විද්‍යාලය),ඉෂාර මධුශාන් (පේරාදෙණිය විශ්ව විද්‍යාලය) සහ එස්.එස්.සේනාරත්න (කැළණිය විශ්ව විද්‍යාලය) තේරී පත්ව සිටිති.
ඡායාරූපයෙන් දැක්වෙන්නේ රොෂාන් රණතුංග සහ පුහුණුකරු තිරෝන් ගමගේ ය.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ත්‍රස්ත විරෝධී පනත සැප්තැම්බරයේදී එයි!

කොළඹ LNW:නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය...

මේ රජය කරන්නේ සංවර්ධනය නොව මර්ධනයයි – නාමල්

රෂිකා හෙන්නායක අගෝස්තු 28 , කොළඹ LNW: සියළුම රණවිරුවන්ට වෘත්තිය...

යුක්රේනයේ කියෙව් වෙත එල්ල කරන ලද රුසියානු ප්‍රහාර හේතුවෙන් බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සහ යුරෝපා සංගම් කාර්යාලවලට බරපතල හානි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 28: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(27)රාත්‍රියේදී රුසියාව විසින්...