හොරු අල්ලනවා කියන සහෝදරවරු ඩීල් දාද්දි ඩොලර් බිලියන 1.2ක් රටට අහිමි කළ VFS ගනුදෙනුව නැවැත්තුවෙත් අපි – සජිත්

Date:

රටේ ක්‍රියාත්මක තවත් හොර ගනුදෙනුවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් කළ බවත් VFS ගනුදෙනුව නමින් රටේ වීසා නිකුත් කිරීම ප්‍රසම්පාදන හා ටෙන්ඩර් ක්‍රමවේදයකින් තොරව වෙනත් ආයතනයකට ලබා දීම නිසා ඇ. ඩොලර් බිලියන 1.2ක් අප රටට අහිමි වූ බවත් මේ හොරකම සහ සිදු නොවුණේ නම් එම මුදල් ප්‍රමාණය උපයෝගී කර ගෙන රටේම පාසල් සුහුරු පාසල් කිරිමට හැකියාවක් තිබූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ කම්බ හොරුම් VFS ගනුදෙනුව හරහා ඔවුන්ගේ බඩගෝස්තරවාදී වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම නිසා රටට ඩොලර් බිලියන 1.2ක් පාඩු වූ බවත් රවුෆ් හකීම්, සුමන්තිරන්, චම්පික රණවක, අශෝක් අබේසිංහ යන මන්ත්‍රීවරුන් ද රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ සහ උපුල් ජයසූරිය ජනාධිපති නීතිඥවරයාගේ සහ සෙසු නීතිඥයන්ගේ ශක්තියෙන් ඉදිරිපත් කළ තර්කය පිළිගනිමින් වි. එෆ්. එස්. හොර ගනුදෙනුවට ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බවත් මෙවැනි තීන්දුවක් ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණයට සිය ප්‍රණාමය පුද කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (04) නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත පැවැති සමගි ගොවි බලවේගයේ රැළිය අමතමිනි.

පොලිස්පති පත් කළ ක්‍රමවේදයේ අඩුපාඩුකම් දැක එයත් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් කරන විට ජනාධිපති අගමැති ප්‍රමුඛ ආණ්ඩුව එම තීන්දුව පාර්ලිමේන්තුවේ දී විවේචනය කළ බවත් වි. එෆ්. එස්. ගනුදෙනුව හරහා අප රටට ඇ. ඩොලර් බිලියන 1.2ක පාඩුවක් වන විට ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රේෂ්ඨ තීන්දුවක් හරහා එය තහනමට ලක් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අගමැති හා ආණ්ඩුව කියන්නේ මොකද්ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

එසේම හොරු අල්ලනවා කියන රටේ ජනතාවට අනුකම්පා කරනවා යැයි කියන සහෝදරවරු වි. එෆ්. එස්. ගනුදෙනුව ගැන කතා නොකළ බවත් වි. එෆ්. එස්. ගනුදෙනුව ගැන පළමුව පාර්ලිමේන්තුවේ කතා කළේ තමා බවත් සිහිපත් කළ විපක්ෂ නායකවරයා අද වන විට එක එක කණ්ඩායම් රට වටේ බොරු ප්‍රචාර දියත් කරමින් යන බවත් සහෝදරවරුන් හොරු අල්ලනවා කිව්වත් ඔවුන් හොරුත් එක්ක ඩීල් දමන බවත් ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු සමාජ සදාචාරත්වයට තර්ජනයක්

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු කතා සමාජ සදාචාරත්වයට තර්ජනයක්

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...