හසීනා ගෝ හෝම් අරගලයේ මරණ සංඛ්‍යාව 91 දක්වා ඉහළට

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ රැකියා කෝටා ක්‍රමයක් සම්බන්ධයෙන් ඇති වූ විරෝධතා අගමැතිගේ ඉල්ලා අස්වීම ඉල්ලා සිටින පුළුල් ආණ්ඩු විරෝධී ව්‍යාපාරයක් බවට පරිවර්තනය වීමත් සමඟ නැවත වීදිවලට ​​පැමිණි දස දහස් ගනනක් විරෝධතාකරුවන් අතරින් පොලිස් නිලධාරීන් 13 දෙනෙකු ඇතුළුව අවම වශයෙන් පුද්ගලයන් 91 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

විරෝධත්වයන් විසුරවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් සහ ස්ටන් ග්‍රෙනේඩ් ප්‍රහාර එල්ල කිරීම නිසා නව ප්‍රචණ්ඩත්වයක් මේ වන විට ඇතිව ඇති අතර පුද්ගලයන් 1100ක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

විරෝධතාකරුවන් බදු සහ උපයෝගිතා බිල්පත් නොගෙවන ලෙසත්, වැඩට නොපැමිණෙන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා ඇති අතර කාර්යාල, බැංකු සහ කර්මාන්තශාලා විවෘත වූ නමුත් ඩකා සහ අනෙකුත් නගරවල මගීන්ට රැකියාවට යාමේ අභියෝගවලට මුහුණ දීමට සිදුව තිබේ.

ශිෂ්‍ය ව්‍යාපාරයේ සම්බන්ධීකාරක අසීෆ් මහමුද් අද තත්වය සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ, අද(05) රටපුරා සිටින සියලුම සිසුන්ගෙන් හා සාමාන්‍ය ජනතාවගෙන් ඩකා අගනුවර වටලාමට පැමිණෙන ලෙස ඉල්ලා ඇති බවයි.

මෙවන් විට රජය රජය සඳුදා සිට බදාදා දක්වා නිවාඩුවක් ප්‍රකාශයට පත් කර ඇති අතර උසාවි, පාසල් හා විශ්ව විද්‍යාල දින නියමයක් නොමැතිව වසා තබනු ඇත. ජංගම අන්තර්ජාල සේවාව අක්‍රියව ඇති අතර Facebook සහ WhatsApp ඇතුළු පණිවිඩ යෙදුම් අක්‍රිය කර ඇත.

සබැඳි පුවත් :

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජොන්ස්ටන් ඇතුළු පිරිසට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : රක්ෂිත බන්ධනගාරගතව...

එක්සත් රාජධානියේ තීරු බදු සහනය: ඩොලර් බිලියන පනහකට එහා ගිය වෙළඳපොළකට රිංගා ගැනීම!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි...

මන්ත්‍රී වරප්‍රසාදවලට මුවා වෙමින් ටෙන්ඩර් නොකළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ගැන මුජිබර් කී කතාව බොරුවක් !

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පසුගිය...