සර්ව පාක්ෂික ආණ්ඩුවට පෙර මර්දනය නතර කළ යුතුයි – සෝභිත හිමි

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ජනතා ගැටලු විසඳීමට අවංක වුවමනාවක් තිබේ නම්, ඊට පෙර අරගලයට සහාය දුන් පුද්ගලයන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම ඇතුළු මර්දනකාරී ක්‍රියා අත්හිටුවිය යුතු බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි පවසනවා. ඇඹිලිපිටියේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් සෝභිත හිමි මේ බව සඳහන් කළේය.

සාමකාමීව ආරම්භ කළ නිර්පාක්ෂික අරගලය භීෂණකාරී තත්වයක් කරා කැඳවාගෙන ගියේ රාජපක්ෂලා විසින් බවත්, ඒ් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගෙන අරගලකරුවන් මර්දනය කිරීමට උත්සාහ කිරීම දැඩි පිළිකුලෙන් හෙළා දකින බවත් සෝභිත හිමි අවධාරණය කරනවා.

නීතියේ ආධිපත්‍යය සැමට සමාන වියයුතු බැවින් මැයි 09 වැනිදා රටම ප්‍රචණ්ඩත්වයට ඇදදැමීම සඳහා වගකිව යුතු පුද්ගලයන් පළමුව අත්අඩංගුවට ගතයුතු බවද සෝභිත හිමි පවසයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...