බස් වර්ජනය අවසන් !

Date:

ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලබාදීමට බළධාරීන් එකඟ වී ඇති හෙයින් ඊයේ රාත්‍රී සිට ක්‍රියාත්මක කළ වර්ජනය අත්හිටුවීමට පෞද්ගලික බස්රථ හිමිකරුවන් තීරණය කර තිබෙනවා. අද පැවති සාකච්ඡාවකදී අවශ්‍ය තරම් ඉන්ධ නිකුත් කිරීමට බළධාරීන් පොරොන්දු වී තිබෙනවා.

දැනට ක්‍රියාත්මක ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බව පවසමින් බස් සංගම් කිහිපයක් එක්ව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම වර්ජනය ආරම්භ කළ අතර මේ නිසා දිවයින පුරා මගීන් රැසක් අපහසුතාවයට පත්ව සිටියේය.

මේ අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාව අද ප්‍රකාශ කළේ අන්තර් පළාත් සේවාවල නිරත බස්රථ සඳහා පිටකොටුව බැස්ටියන් මාවත ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන නිකුත් කරන බවයි. ධාවනය සඳහා එක් නොවන බස්රථවලට ඉන්ධන නිකුත් නොකරන බවද එම කොමිෂන් සභාව ප්‍රකාශ කළේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිගේ වැටීම සහ රටේ පැවැත්ම!

ජනවාරි 08, කොළඹ (LNW): ඕනෑම සම්මතයකට අනුව, හරිනි අමරසූරියගේ...

වෙනිසියුලාවේ බොරතෙල්වල අයිතිය ඇමරිකාවට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව සිය බොර...

අම්බුළුවාව ප්‍රශ්නය විසදන්න විශේෂඥ කමිටුවක්!

කොළඹ LNW:අම්බුළුවාව පාරිසරික කලාපයේ අවදානම් තත්ත්වය පිළිබඳ විශේෂඥ වාර්තාවක්...