මහවැලි ගඟ අවට ජනතාවට දැනුම්දීමක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 05, කොළඹ LNW :

අධික වර්ෂාපතනය හේතුවෙන් කොත්මලේ ජලාශයේ ජල මට්ටම ඉහළ යාම නිසා අද උදෑසන 8.00 ට එහි වාන් දොරටු විවෘත කිරීමට තීරණය කර ඇත.

මේ හරහා විශාල ජල කඳක් මහවැලි ගඟට මුදාහැරීමට නියමිත බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

මෙම තත්ත්වය හේතුවෙන් ගඟ දෙපස පිහිටි පහත්බිම්වල වෙසෙන ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් උපදෙස් ලබා දී තිබේ.

විශේෂයෙන්ම ගම්පොළ, පේරාදෙණිය සහ කටුගස්තොට වැනි ප්‍රදේශවල පදිංචිකරුවන් මේ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුය.

සිදුවිය හැකි ආපදා තත්ත්වයන් අවම කරගැනීම සඳහා ආරක්ෂිත පියවර අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් පිපිරීමකින් 7කට තුවාල. තිදෙනෙකුට බරපතළයි

පොලොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් සිදුවූ අනතුරකින්...

ප්‍රදේශ රැසකට විටින් විට වැසි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 26) දිනයේදී බස්නාහිර සහ...

22ට කථානායකගේ සහතිකය

සටහන - රුවන් නෙළුගොල්ල 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

හිටපු ඇමති චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම් යළි රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට...