කොළඹ LNW:අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි මහතා ඇතුළු දූත පිරිස අතර අද (05) වන දින අරලියගහ මන්දිරයේදී හමුවක් සිදුවිය.
එහිදී ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සහයෝගීතාව වර්ධනය කරගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති අතර අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව පරිවර්තනයක් උදෙසා රජය ගෙන යන වැඩපිළිවෙළ, ඩිජිටල් අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සහ සැමට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් ගෙන ඇති පියවර පිළිබඳව අග්‍රාමාත්‍යවරිය පැහැදිලි කර තිබේ.
එමෙන්ම දෙරටේ උසස් අධ්‍යාපන ආයතන අතර පවතින සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීම, ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් පුළුල් කිරීම, ඒකාබද්ධ පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම සහ අධ්‍යයන සහයෝගීතාව ඉහළ නැංවීම පිළිබඳව ද දෙපාර්ශ්වය අතර සුහද සාකච්ඡාවක් පැවැත්විණි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා හා ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කරගැනීමේ ඇති වැදගත්කම දෙපාර්ශ්වයම මෙහිදී පෙන්වා දුන්හ.
අන්‍යෝන්‍ය ප්‍රතිලාභ අත්කර ගනිමින් සංචාරක කර්මාන්තය නැංවීමටත්, දෙරටේ ජනතාව අතර පවතින සබඳතා තවදුරටත් තහවුරු කිරීමටත් ඇති අවස්ථා පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඒකාබද්ධ ලේකම් ප්‍රසන්න ශ්‍රීවාස්තව, නියෝජ්‍ය මහ කොමසාරිස් මෛත්‍රියි කුල්කර්ණි (Maitrey Kulkarni), අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත යන මහත්ම මහත්මීන් ඇතුළු විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.


