ගුණාත්මක නොවන  NVQ ආයතන 81 ක් අත්හිටුවයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): තෘතීක හා වෘත්තීය පුහුණු කොමිෂන් සභාව ඇතුළු වෘත්තීය පුහුණු ආයතනවලට ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය විමසා බැලීමට පත්කළ කෝප් අනුකමිටුව රැස්වූ අවස්ථාවේදී , ගුණාත්මක නොවන  NVQ පාඨමාලා පවත්වාගෙන ගිය ආයතන 81 ක් ඇති බව අනාවරණය වී ඇති අතර එම ආයතන අත් හිටුවීමට පියවර ගෙන  ඇත.

පුවත්පත් දැන්වීම් හරහා එම ආයතන මුද්‍රා තැබීමට අදාළව ගත් නෛතික පියවර දැනුම්දීමේ අවශ්‍යතාව ද එහිදි කෝප් අනු කමිටුව අධ්‍යාපන බලධාරින්ට දැනුම් දුන් අතර
අනු කමිටුව අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දුන්නේ ජාතික හා ජාත්‍යන්තර ‍රැකියා වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් සියලු වෘත්තීය පුහුණු ආයතන හා සම්පත් ඒකරාශී කොට පොදු වැඩපිළිවෙළක් සකස් කිරීම කඩිනම් කරන ලෙසයි.

ඉහළ වැටුප් සහිත ඇතැම් විදේශීය රැකියා සඳහා මේ වනවිට විශාල ඉල්ලුමක් පවතී.

එබැවින් ගුණාත්මක බවින් යුත් පුහුණු ශ්‍රමිකයන් බිහිකිරීම සඳහා සියලු ආයතන ඒකාබද්ධව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව ද අනුකමිටුව අවධාරණය කළ අතර , අධ්‍යාපන අමාත්‍යාංශය, තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය, වෘත්තීය පුහුණු අධිකාරිය, ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය ඇතුළු ආයතන නියෝජනය කරමින් නිලධාරීන් පසුගියදා රැස්වූ කෝප් අනු කමිටුව හමුවට කැඳවා තිබුණු බව සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...

එක්සත් ජනපද ගුවන් ගමන් සාමාන්‍ය තත්ත්වයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා අධිකාරිය...

ආතල් 21 වැනිදා!

උපාලි කොළඹගේ ආතල් 21වැනිදාට තව ඇත්තේ දින කිහිපයකි. ආණ්ඩු පක්ෂය...