පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීම හෙට

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීම හෙට (07) දිනයේදී සිදුකෙරෙන බව එම පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසයි.

ප්‍රශ්නය – දැන් අපේක්ෂකයා නම් කරන්නේ කවද්ද ?

“07 වෙනිදා”

ප්‍රශ්නය – කොහෙද තියෙන්නෙ ?

“හුඟක් වෙලාවට පක්ෂ කාර්යාලය තමයි සුදුසුම තැන කියලා තමයි හුඟ දෙනෙක්ගේ මතය වුණේ. අපි බලමු ඉස්සරට, තැන හරියටම කියන්නම්”

ප්‍රශ්නය – පක්ෂ කාර්යාලය වගේ නැතිව ලොකු තැනක කරනවා කියලානෙ ඔබතුමාලා කිව්වෙ ?

“රැස්වෙච්ච කට්ටියගේ බහුතර මතය තිබුණේ පක්ෂයේ දෙයක්, පක්ෂයේ අපේක්ෂකයෙක් නම් කිරීම පක්ෂ කාර්යාලයේදී කරමු කියලායි”

ප්‍රශ්නය – ධම්මික පෙරේරාගෙ නම නෙවෙයිද ?

“07 වෙනිදාට කියන්නම්”

සාගර කාරියවසම් මහතා මේ බව පැවසුවේ ඊයේ (05) කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක වෙළෙඳපොළේ ඉහළ යන මිල ගණන් හමුවේ ඉන්ධන සහනාධාරයට මොකද වෙන්නේ ? ඇමති නලින්ද කියපු කතාව

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ලෝක වෙළෙඳපොළේ ඉහළ ගොස් ඇති ඉන්ධන මිල...

නාමල්ගේ අල්ලස් සහ මුදල් විශුද්ධිකරණ නඩු විභාගය: අද සිදු වූ දේ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කෙරේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : රට තුළ ක්‍රිකට්...

ලලිත් – කුගන් අතුරුදන් කිරීමේ නඩුව : බොහෝ කරුණු ගෝඨාට අමතක වෙලා

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : කාලය ගතවීමත් සමඟ...