ඇමති ගැසට්ටුවත් ඉවත් කරගනිද්දී ඊට එරෙහි පෙත්සමත් ඉල්ලා අස්කර ගනී!

කොළඹ LNW:වතු කම්කරු වැටුප් වැඩි කිරීමට අදාළව වතු සමාගම් 21ක් විසින් ගොණුකර තිබූ රිට් පෙත්සමක් අද (06) අභියාචනාධිකරණය හමුවේ ඉල්ලා අස්කර ගනු ලැබීය.

විෂයභාර අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමිනුයි එම පෙත්සම ගොණු කර තිබුණේ.

පෙත්සම ඉදිරිපත් කළ ආගරපතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් 21ක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා තිබුණේ අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසයි.

කෙස්වෙතත් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනය කම්කරු අමාත්‍යවරයා විසින් ඉවත් කරගත් අතර එය අධිකරණයට ද දැනුම් දී තිබේ.

ඒ අනුව එම පසුබිම මතයි උක්ත පෙත්සම ඉල්ලා අස්කර ගෙන ඇත්තේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...