හෙට දිනන ක්‍රිකට් තරුවල අනාගතයට එලෙන ජය පලසක්

0
453

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 06, (LNW) කොළඹ :

ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක් වන අවුරුදු 19 න් පහළ ක්‍රීඩිකාවන් සහභාගි වන යූත් ලිගයේ තරග අගෝස්තු 7 වන දා ආරම්භ වීමට නියමිතයි.මෙම සියලුම තරග සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවත්වීමට නියමිත අතර තරගවලිය සඳහා කණ්ඩායම් හතරක් සහභාගි වීමට නියමිතයි.


ගාල්ල,දඹුල්ල,කොළඹ සහ මහනුවර කණ්ඩායම් මේ තරගාවලියට එකතු වන අතර,අවුරුදු 19 න් පහළ දක්ෂතම ක්‍රිඩිකාවන් සංචිත කණ්ඩායම් හතරකට සංචිත ගත කර ඔවුන්ගේ දක්ෂතා පලදායි අයුරෙන් රට වෙනුවෙන් ලබා ගැනීමේ අභිලාෂය ඇතුව මෙම තරගාවලිය සූදානම් කර තිබෙනවා.