GMOA සහ NPP නායක අතර හමුවක්!

Date:

අගෝස්තු 06, කොළඹ (LNW):

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA) සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (06) පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණු බව සඳහන් වේ.

මෙහිදී මේ වන විට ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් විසින් මුහුණ දෙමින් සිටින ගැටලුකාරී තත්වය හා එම තත්වයන් වෙනස් කිරීම සඳහා වන එම සංගමයේ යෝජනා ජාතික ජනබලවේගය වෙත ඉදිරිපත් කරන ලද බව පැවසේ .

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති ඇතුළු නිලධාරි මණ්ඩලය සමග පැවති මෙම හමුව සඳහා ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ සහ ජාතික විධායක සභික මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන යන අයද එක්ව සිටි බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපි මාධ්‍ය මර්දනය කරන්නේ නෑ. හෘද සාක්ෂියට අනුව වැඩ කරන්න – නි. ඇමති සුන්දරලිංගම්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පහුගිය කාලේ මාධ්‍ය මර්දනය කල, මාධ්‍ය ආයතන...

ආපදාවෙන් ධීවර කේෂ්ත්‍රයේ සිදු වූ හානිය තක්සේරු කිරීමට නව වැඩපිළිවෙලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: ආපදාවෙන් ධීවර කේෂ්ත්‍රයේ සිදු...

2026 වර්ෂය අදාළව රජයේ නිවාඩු 26ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW : 2026 වර්ෂය අදාළව...

නීතීඥවරියකට බැන තර්ජනය කිරීම : නගරාධිපති රන්ජන් පොලීසියට නොඑයි, අසනීපයි කියා රෝහල්ගත වෙයි

කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් විසින් නීතීඥවරියකට බැන තර්ජනය කිරීමේ...