ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව පත් කරයි

Date:

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද කමිටුවේ සාමාජිකයන් වෙත එම වගකීම විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ඊයේ (05) භාර දී තිබේ.

ඒ අනුව මසක් තුළ විවිධ සංවර්ධන ආයතනවල තාක්ෂණික සහය සමඟ එම ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා ලබා දීමට කටයුතු කරනු ඇත.

එම කමිටුවේ සාමාජිකයන් ලෙස පහත සඳහන් සාමාජිකයන් පත් කර ඇත.

ආචාර්ය RHS සමරතුංග මහතා – හිටපු ලේකම්, මුදල් අමාත්‍යංශය,
MMC ෆර්ඩිනැන්ඩො මහතා – හිටපු ලේකම්, විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශ,
ආචාර්ය සුසන්ත පෙරේරා මහතා – හිටපු අතිරේක සාමාන්‍යධිකාරී, ලංකා විදුලිබල මණ්ඩල,
තිලාන් විජේසිංහ මහතා – හිටපු සභාපති, ආයෝජන මණ්ඩලය,
සාලිය වික්‍රමසුරිය මහතා – සභාපති, ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය සහ අධ්‍යක්ෂ ජනරාල්, වරාය නගර ආර්ථික කොමිසම,
ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන මහතා – හිටපු නීති උපදේශක, රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ කොමිසම,
නීතිඥ හර්ෂ ප්‍රනාන්දු – හිටපු ජේෂ්ඨ නීති නිලධාරී, නීතිපති දෙපාර්තමේන්තුව
චන්දන විජේසිංහ – අධ්‍යක්ෂ ,විදුලිබල අමාත්‍යංශය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිගේ වැටීම සහ රටේ පැවැත්ම!

ජනවාරි 08, කොළඹ (LNW): ඕනෑම සම්මතයකට අනුව, හරිනි අමරසූරියගේ...

වෙනිසියුලාවේ බොරතෙල්වල අයිතිය ඇමරිකාවට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව සිය බොර...

අම්බුළුවාව ප්‍රශ්නය විසදන්න විශේෂඥ කමිටුවක්!

කොළඹ LNW:අම්බුළුවාව පාරිසරික කලාපයේ අවදානම් තත්ත්වය පිළිබඳ විශේෂඥ වාර්තාවක්...