සර්ව පාක්ෂික ආණ්ඩුවට ඇති බාධාවක් ගැන හිටපු ජනපති මෛත්‍රී කියයි (VIDEO)

සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිකිරීමේ ක්‍රියාවලියට යම් බාධාවක් එල්ල වන බවක් පෙන්නුම් කෙරෙමින් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ප්‍රශ්නය – සර්ව පාක්ෂික ආණ්ඩුව ගැන වැඩපිළිවෙල කොහොමද ජනාධිපතිතුමා එක්ක ?

“අපට සාකච්ඡාවලට එන්න කිව්වා, අපි ගියා. දැන් ඒ කටයුතු කිරීම සම්බන්ධයෙන් වගකීම තියෙන්නෙ රජය පැත්තෙ. නමුත් මම හිතන්නෙ දැන් බාධාවක් පේනවා. පාර්ලිමේන්තුවේ සෑහෙන පිරිසක් කැමතියි වගේම තව පිරිසක් සර්ව පාක්ෂික ආණ්ඩුවකට අකමැතියි වගේ”

ප්‍රශ්නය – මේ සර්ව පාක්ෂික ආණ්ඩුව හදන්නත් පිරිසක් කකුලෙන් අදිනවාද ?

“එහෙම පේනවා”

ප්‍රශ්නය – පොහොට්ටුවෙද මේ කට්ටිය ? කවුද දන්නෑ ?

“ඒක ඉතින් ඔබතුමාලාට හොයාගන්න පුළුවන් නෙ”

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (06) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇත්තටම ශ්‍රී ලංකාව බිඳ වැටුණේ කෙසේද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව සැබවින්ම...

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...