අලුත් බෝතලයකට පරණ වයින් දැමීම හෙවත් කිෂිදාගේ නව ධනවාදය

ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා පසුගිය ඔක්තෝම්බර් මාසයේදී බලයට පත් වූයේ අවධමනය අවසන් කර ජීවන තත්වයන් ඉහළ නැංවීම වෙනුවෙන් නව ධනවාදයක් ඇති කරන බවට පොරොන්දු වෙමිනි.
ඔහු ආර්ථික වර්ධනය රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය හරහා ප්‍රවර්ධනය කිරීම අපේක්ෂා කරන අතර ‘ධනවාදයේ නව ස්වරූපය’ හෙවත් වේගවත් ආර්ථික වර්ධනයක් සහ ඉහළ වැටුප් සඳහා යොමු කිරීමට අදහස් කරයි. ඩිජිටල්කරණය, දේශගුණික විපර්යාස, ආර්ථික ආරක්ෂාව, නවෝත්පාදන සහ විද්‍යාව සහ තාක්ෂණය කිෂිදා නම්කර ඇත්තේ සිය ආර්ථික වර්ධනයේ එන්ජිම ලෙසයි.

මෙම ප්‍රතිපත්තිය අබෙනොමික්ස් ව්‍යංගයෙන් ප්‍රතික්ෂේප කිරීමක් මූර්තිමත් කිරීමකි. මෙය අබේගේ උරුමයට හිතාමතාම අභියෝගයක් වන අතර ජපන් මහජනතාව අතර බහුතර සහයෝගය ලැබී ඇති ජනප්‍රිය පියවරක් ලෙස පෙනේ. කෙසේ වෙතත්, වැටුප් වැඩිවීම් ලබා දෙන ප්‍රතිපත්ති වැනි ක්ෂේත්‍රවල වියදම් පරාසය සහ දිරිගැන්වීමේ වැඩසටහන් ‘ධනවාදයේ නව ස්වරූපයක්’ නිර්මාණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව ප්‍රශ්න මතු වේ.

මාස දහයක් ගත වීමෙන් අනතුරුව කිෂිඩාගේ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය (LDP) අවම වැටුපෙන් පැයකට යෙන් 31 ක සුළු මුදලක් ඉහළ නැංවීමක් අපේක්ෂා කරන අතර එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන තත්වයක් බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දේ. නිසැකවම, 2023 මාර්තුවෙන් අවසන් වන විට අවම පැයක වැටුප වත්මන් යෙන් 961 හෝ US$7.20 සිට ඉහළ නැංවීමේ කුසලතාවයක් ඇති බව ඔවුන් පුරෝකතනය කරයි. එහෙත් කිෂිඩාගේ පක්ෂය ධනවාදයේ නව ස්වරූපයක් සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ජපාන ආර්ථිකය නැවත ආපස්සට ගෙන යනවාදෝ සිතෙන තරමට ගැටලුකාරීය.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...