හොඳටම කරේ රනිල්ද …?

Date:

අවි බලයෙන් පරාජය කරන්න බැරිව තිබුන එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සන්නද්ධ නායකයා සාම සාකච්ඡා සඳහා දියුණු ලෝකයට අරන් ගිහින් තුවක්කුවටයි කැලෑවටයි එපිටින් සැපපහසු නවීන ලෝකයක් තියෙනවා කියන යථාර්ථය පෙන්නලා කරුණා එල්.ටී.ටී.ඊ. යෙන් කඩලා වානේ කුට්ටියක් වගේ තිබුන එල්.ටී.ටී.ය දෙකට කැඩුවේ රනිල්…

සන්නද්ධ විප්ලවය, උග්‍ර සමාජවාදය සහ චේගුවෙරගේ මාවත හැර වෙනත් පාරක් නැතිබව තරයේ විශ්වාස කල උග්‍ර අධිරාජ්‍යවිරෝධී පක්ෂයක් වූ ජ.වි.පෙ. ඇතුලේ බටහිර වෙළෙඳපොළ ක්‍රමය සහ අයි.එම්.එෆ්. එක පිළිගන්නා අනුරව නිර්මාණය කරලා මාළිමාව සහ ජ.වි.පෙ. කියලා දෙකක් හදලා ජ.වි.පෙ. දෙකට කඩපු වැඩේ කරෙත් රනිල් තමා.. ( කට්ටිය මේකට හා..හා.. රිඇක්ට් කොච්චර දැම්මත් මාළිමාව කියන්නේ එකට නොපෑහෙන පදාස දෙකක් ගම් ගාලා එකට අලවපු පළු දෙකක්.)

ඊළඟට එල්. ටී.ටී.ඊ. එක නැතිකරලා දාපූ ක්‍රෙඩිට් එකෙන් දූපතේ සදාකාලිකවම රජකමේ ඉන්ට හරිබරිගැහිලා හිටපු පොහොට්ටුවට කල්‍ යල් බලලා කොස් ගෙඩිය පැලුවා වගේ දෙකට වෙන්වෙන්ට ෂොට් එක දුන්නෙත් රනිල් තමා..

මෙතනදී ප්‍රතිතර්කයක් එනවා එ.ජා.ප. ය කැඩුවෙත් රනිල්ම නේද කියලා…

නෑ.. ඒ වරද උනේ ඉතිහාසයේදී..ජේ.ආර්. එදා ඇතුලත්මුදලි, ගාමීණී දිසානායකලා ඉද්දි කෙහෙල්වත්තේ මෑන් කෙනෙකුට මහා පක්ෂයක් බාරදීපු තැනදී තමා වැඩේ කෙල උනේ..

ඇත්තම කිව්වොත් ලංකාවේ ලිබරල්වාදීන් අතලොස්සට පාර පෙන්නුවෙ රනිල්..

රනිල් නැත්තන් මංගල මැරෙන්නේ තවත් එස්.බී.කෙනෙක් විදියට…. එහෙනම් පාඨලී තාමත් ගම්මන්පිල කෙනෙක්.. අනුර තවත් සමන්ත විද්‍යාරත්න කෙනෙක්..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අමරකීර්ති ඝාතනයේ බෙදුනු නඩු තීන්දුව – සභාපති විනිසුරු සියලු විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරලා

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව...

Wanderlust Wednesday: සිංදු කියන මාලුවන්ගේ කසුකුසුව සොයා යන මඩකලපු සවාරිය! Discovering the Cultural Tapestry of Batticaloa Heritage District, Sri Lanka 🇱🇰

සටහන – පුලී පෙබරවාරි 11, LNW (කොළඹ): Batticaloa (දෙමළ: මට්ටක්කලප්පු; සිංහල:...

කුඩා හා මධ්‍ය පරිමාණ (SME) ව්‍යවසායක ජාලය දැඩි අර්බුදයක!

කොළඹ LNW:දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට පනස් දෙකකට (52%) දායක...

සමන් ඒකනායක යළි රිමාන්ඩ්!

කොළඹ LNW:හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පෙබරවාරි මස 18...