හමාස් සංවිධානයට හා ඊශ්‍රායලයට සාම සාකච්ඡා ආරම්භ කරන ලෙස ජාත්‍යන්තර බලපෑම්!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඊශ්‍රායලයට හා හමාස් සංවිධානයට යළි සාම සාකච්ඡා ආරම්භ කරන ලෙස එල්ල වන ජාත්‍යන්තර බලපෑම් ඉහළ ගොස් තිබෙන අතර, ඇමෙරිකාව , ඊජිප්තුව හා කටාර් රාජ්‍යය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කරයි.

ගාසා තීරය අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා එකඟතාවයකට එළඹෙන ලෙසත්, සටන් විරාමයකට හා ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ එකඟතාවයකට හැකි ඉක්මනින් එළඹෙන ලෙස ඔවුන් ඉල්ලා සිටී,

සටන් විරාමය සම්බන්ධයෙන් රාමුගත ගිවිසුමක් සකස් කර ඇති අතර එය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් කරුණු පමණක් ඊට ඇතුළත් කිරීමට ඉතිරිව ඇති බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. අගෝස්තු 15 වන දින දෝහා හෝ කයිරෝ අගනුවරදී පැවැත්වීමට නියමිත යෝජිත සාකච්ඡා සඳහා නියෝජිතයන් සහභාගී කරවන බව ඊශ්‍රායලය සඳහන් කර ඇත..

ඒ සම්බන්ධයෙන් හමාස් සංවීධානය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද එරට මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනෝතප්ත විලේ මඩකරි ඇල්ලීම !

උපාලි කොළඹගේ කොළඹ LNW: සියල්ල සිදුවී හමාරය. දැන් කළ යුත්තේ...

ආපදාවෙන් විනාශ වූ රථ වාහන සම්බන්ධව තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, කොළඹ LNW : ආපදාවෙන් විනාශ වූ...

ආපදාවට ලක්වූ රූපලාවන්‍යාගාර යළි යථා තත්වයට පත්කරගැනීමට Dreamron වෙතින් අත්වැලක් !

පසුගිය දිනවල දිවයින පුරා පැවති ආපදා තත්වය හේතුවෙන් හානියට...

ආපදාවෙන් පූර්ණ හානි වූ නිවාස 5000 ඉක්මවයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාස...