එජාපයේ නියම ගෞරවය තියෙන්නේ සමඟියේ – සමඟියෙන් එජාප පාක්ෂිකයින්ට ඇරයුම්!

Date:

කොළඹ LNW:එක්සත් ජාතික පක්ෂයේ ගෞරවය ඇත්තේ සමඟි ජන බලවේගයේ වන හෙයින් ගමේ සිටින එක්සත් ජාතික පාක්ෂිකයින්ට ඒ ගැන සිතන ලෙස සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසයි.

එක්සත් ජාතික පාක්ෂිකයින්ට දැන් එකට වැඩ කිරීමට සිදුව ඇත්තේ කාලයක් තිස්සේ වංචාව,දුෂණය,හොරකම,මැරකම රට තුළ වපුරපු රට බංකොලොත් කළ කණ්ඩායමක් සමඟ බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

එහෙයින් මේ ගැන දෙවරක් සිතිය යුතු ඇති බවත් ගමේ එජාප පාක්ෂිකයාගේ ගෞරවය රැකියා හැක්කේ සමඟි ජන බලවේගයට පමණක් බවද අප්පුහාමි මහතා කියා සිටියි.

”ක්සත් ජාතික පක්ෂයේ ගෞරවය තියෙන්නේ සමඟි ජන බලවේගය ඇතුලේ. එතන තමයි එක්සත් ජාතික පක්ෂයේ නියම කණ්ඩායම ඉන්නේ. ඒ නිසා අපි ආරාධනා කරනවා රටේ එක්සත් ජාතික පාක්ෂිකයින් හිතන්න පොඩ්ඩක්. කා එක්කද මේ වැඩ කරන්න යන්නේ. කාලයක් තිස්සේ තමුන්නාන්සේලා සියලු දෙනාගේම බෙල්ල මිරිකපු,මේ රට හූරන් කාපු, රට බංකොලොත් කරපු,වංචාව,දුෂණය,හොරකම,මැරකම මේ සියල්ලම වපුරපු කණ්ඩායමක් එක්ක තමයි වාඩි වෙලා මැතිවරණය කරන්න යන්නේ. මේක ගැන දෙපාරක් හිතන්න වෙයි.” යනුවෙන් ඔහු තවදුරටත් පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...