එජාපයේ නියම ගෞරවය තියෙන්නේ සමඟියේ – සමඟියෙන් එජාප පාක්ෂිකයින්ට ඇරයුම්!

Date:

කොළඹ LNW:එක්සත් ජාතික පක්ෂයේ ගෞරවය ඇත්තේ සමඟි ජන බලවේගයේ වන හෙයින් ගමේ සිටින එක්සත් ජාතික පාක්ෂිකයින්ට ඒ ගැන සිතන ලෙස සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසයි.

එක්සත් ජාතික පාක්ෂිකයින්ට දැන් එකට වැඩ කිරීමට සිදුව ඇත්තේ කාලයක් තිස්සේ වංචාව,දුෂණය,හොරකම,මැරකම රට තුළ වපුරපු රට බංකොලොත් කළ කණ්ඩායමක් සමඟ බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

එහෙයින් මේ ගැන දෙවරක් සිතිය යුතු ඇති බවත් ගමේ එජාප පාක්ෂිකයාගේ ගෞරවය රැකියා හැක්කේ සමඟි ජන බලවේගයට පමණක් බවද අප්පුහාමි මහතා කියා සිටියි.

”ක්සත් ජාතික පක්ෂයේ ගෞරවය තියෙන්නේ සමඟි ජන බලවේගය ඇතුලේ. එතන තමයි එක්සත් ජාතික පක්ෂයේ නියම කණ්ඩායම ඉන්නේ. ඒ නිසා අපි ආරාධනා කරනවා රටේ එක්සත් ජාතික පාක්ෂිකයින් හිතන්න පොඩ්ඩක්. කා එක්කද මේ වැඩ කරන්න යන්නේ. කාලයක් තිස්සේ තමුන්නාන්සේලා සියලු දෙනාගේම බෙල්ල මිරිකපු,මේ රට හූරන් කාපු, රට බංකොලොත් කරපු,වංචාව,දුෂණය,හොරකම,මැරකම මේ සියල්ලම වපුරපු කණ්ඩායමක් එක්ක තමයි වාඩි වෙලා මැතිවරණය කරන්න යන්නේ. මේක ගැන දෙපාරක් හිතන්න වෙයි.” යනුවෙන් ඔහු තවදුරටත් පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුබ උපන් දිනක් සිහින කුමරුනි….

හද මත ගීත ටජ්මහලක් තැනූවයිඑහි සිට මධුර ස්වරයෙන් පෙම...

ඉරානය සිය මිසයිල හැකියාවන් සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ සම්මුතියකට එළඹීම ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සිය මිසයිල...

අදත් යක්ෂයා අවදියෙන් සිටිය යුතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි...

ඩෝසන්ස් ක්‍රීක් හි ප්‍රධාන චරිතයක් නිරූපණය කළ James Van Der Beek දිවි රඟමඩලට සමු දෙයි!

සටහන – පුලී පෙබරවාරි 12, LNW (කොළඹ): ඇමරිකානු යොවුන් නාට්‍යයක්...