මට මේක මහලොකු දෙයක් නෙවෙයි.අපි අත්හැරීම ගැන පුරුදු වෙන්න ඕනේ – ඇමතිකමෙන් යමින් හරීන් කියයි!

Date:

කොළඹ LNW:ජීවිතයේ අභියෝගවලට හොඳට මුහුණ දෙන්න පුරුදු කෙනෙක් ලෙස තනතුරු තානාන්තර ඔටුන්නක් ලෙස තබාගත් කෙනෙක් නොවන බව සිය අමාත්‍ය ධූරයට සමුදෙමින් හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේය.

එම නිසා මේ තනතුරු අතහැරීම ගැන ප්‍රශ්නයක් නොමැති බවයි හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ.

රට වැටුණු අවස්ථාවේ පෞද්ගලිකව තමන් සිය අරමුණු කරා නොගොස් ඇමතිකම භාරගෙන වැඩකර පෙන්වා තිබෙන බව හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

මේ අවස්ථාව වැඩ පෙන්වා අත හැරීමට ලැබෙන අවස්ථාවක් වන හෙයින් මෙවැනි අවස්ථා නොලැබෙන බවද ඔහු කියා සිටියේය.

සමඟි ජන බලවේගයේ ඉදිරිපෙළ සිටි කෙනෙක් ලෙස අනාගතේ නායකයෙක් බවට පත්විය හැකි ඉඩක් තියෙද්දිත් ආණ්ඩුවට එකතු වන්නේ ඇයිද යන ප්‍රශ්නය එදා සමඟියේ නායකයින් තමන්ගෙන් විමසා සිටි අතර අනාගතයේ නායකයෙක් වීමටත් රටක් තිබිය යුතු බවත් තමන් කෙසේ වෙතත් මේ රටේ නායකත්වය ගත හැකි මිනිසුන්ට රටක් ඉතුරු විය යුතුය යන අභිලාශයෙන් තමන් ක්‍රියා කළ බවයි හිටපු අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ.

තමන්ට මන්ත්‍රීකම දුන්නේ සජිත් ප්‍රේමදාස මහතා වන අතර එතුමා නැවත තමන්ගේ මන්ත්‍රීකම ගනිද්දී තමන් පිටව යන්නේ රටට යමක් දී බවත් හෙතෙම කියාසිටියේය.

තමන් ඒ ගැන ආඩම්බරයෙන් පවසන බවයි හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...