Friday, March 31, 2023
spot_img

Latest Posts

කොටිකාවත්ත මන්ත්‍රී ඝාතනයේ සැකකරු ආයුධ පෙන්වීමට ගොස් ඇදවැටී මරුට !

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී සුමුදු රුක්ෂාන් මහතා ඝාතනය කිරීමේ සිදුවීමේ සැකකරු මියගොස් තිබෙනවා.

අදාල සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රශ්න කිරීම්වලදී ඔහු ආයුධ තොගයක් කඩුවෙල ප්‍රදේශයේ සඟවා ඇති බව අනාවරණය කර තිබෙනවා. ඉන් අනතුරුව විශේෂ කාර්ය බලකා සෙබළුන් විසින් සැකකරු ආයුධ සඟවා ඇති ස්ථානයට ගෙනගොස් තිබේ.

එහිදී සැකකරු ගල් වලකින් පහළට වැටී තුවාල ලබා ඇති අතර රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මෙසේ මියගොස් තිබෙන්නේ කඩවත ඉහළ බියන්විල ප්‍රදේශයේ පදිංචි තුවාන් සිරාන් නමැති පුද්ගලයෙකි. මෙම සැකකරු ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වන අංගොඩ ලොක්කා නමැත්තාගේ සමීපතමයෙකු බවද අනාවරණය වී තිබේ. මියගිය පුද්ගලයාට එරෙහිව බරපතල අපරාධ චෝදනා 13 ක් තිබෙන බව පොලීසිය පවසනවා.

UN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.