*
Wednesday, November 20, 2024
spot_img

Latest Posts

අංක දෙකට දමා සැළකුව ද,අකලංක අංක එකට අවසන් තරගයට පිවිසෙයි

යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමට වීසා ලබා ගැනීමේදී ප්‍රමුඛතාවය දිය යුතුව තිබුණු, පදක්කමකට වඩාත්ම සමීප ක්‍රිඩක චරිතය වූ අයෝමාල් අකලංකගේ පුහුණුකරු වූ අනුර බණ්ඩාර නොසිටිය ද,අයෝමාල් මීටර් 400 කඩුලු ඉසව්වේ අවසන් තරගයට ප්‍රවේශ වූවේ මූලික තරගවලදී හොදම කාලය වාර්තා කළ ක්‍රීඩකයා වෙමින්ය. ඓතිහාසික දත්ත පිළිබ ද සැළකිල්ල යොමු කිරීමේදී වඩාත්ම සුදුසු පුහුණුකරු වූයේ ද අනුර බණ්ඩාර ය.එය විශේෂයෙන් සඳහන් කළ යුතුව තිබුණු අතර ඇමෙරිකානු වීසා ලබා ගැනීමේදී ඒ බව සඳහන් විශේෂයෙන් සඳහන් කළේනම් ඔලිම්පික් නියෝජනය කළ ක්‍රීඩකයෙක් නිර්මාණය කළ මෙන්ම මේ මොහොතේ මීටර් 400 කඩුලු ඉසව්වේ කණීෂ්ඨ සහහ යොවුන් ජාතික වාර්තා හිමි ක්‍රීඩකයන් යුගලයේ ද හිමිකරුව සිටින අනුර ව ප්‍රතික්ෂේප නොවන්නට තිබිණ.


මීටර් 400 කඩුලු පළමු මූලික තරගයට පස්වන මංතීරුවේ සිට සටන් කළ අකලංක තරගයේ පළමු මීටරයේ සිටම ඉදිරියට පැමිණි අතර ඔහු තත්පර 51.99 න් සිය ඉසව්ව නිමා කරමින් තරගය පහසුවෙන් ජය ගත්තේය.මේ තරග ඉසව්වේ මේ මොහොත වන විට ලෝකයේ හොඳම කාලය වාර්තා කර තිබෙන්නේ ජැමෙයිකාවේ ඩැනියල් රයිට් ය.ඔහු තත්පර 50.63 න් ඉසව්ව නිමා කර තිබීම ඔහුගේ හොඳම පෞද්ගලික හොඳම දක්ෂතාවය වන අතර ඊයේ ඩැනියල් අකලංක නොසිටි දෙවන මූලික තරගයේ දී තත්පර 52.68 න් නිමා කර අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේය.


මෙම වයස් සීමාවේ මීටර් 400 කඩුලු ලොව හොඳම කාලය අතරින් හයවන තැන ද,පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතර තෙවැනි තැන ද සිටින අකලංක සිය මූලික තරගයේදී ඔහුට ඉදිරියෙන් සිය හොඳම පෞද්ගලික දක්ෂතාවය දක්වා තිබුණ ඉන්දියාවේ බාපි හන්ස්ඩා පරාජය කරන්නට සමත් විය.බාපි හොඳම දක්ෂතාවය ලෙස තත්පර 51.38 ක් වාර්තා කර තිබුණ නමුත්,ඊයේ ඔහු වාර්තා කළ තත්පර 54.18 කි.
ටෂ්කන්ට් හි පැවති පස්වන ආසියානු යොවුන් තරගාවලියේදී බාපි රිදී පදක්කම දිනා ගනිමින් අකලංක අභිබවා ඔහුගේ හොඳම කාලය (තත්පර 51.38) වාර්තා කර තිබුණ අතර අකලංක එහිදි තත්පර 51.40 වාර්තා කර තෙවන තැනට පත් වී ලෝකඩ පදක්කම දිනා ඇත.ඒ අනුව අද මීටර් 400 කඩුලු බාලක අවසන් තරගයට සහභාගි වන ක්‍රීඩකයින් අතර අකලංකට වඩා හොද පෞද්ගලික දක්ෂතාවයක් දක්වා ඇත්තේ ජැමෙයිකාවේ ඩැනියල් රයිට් සහ බාපි හන්ස්ඩා පමණක් වන අතර බොහෝ විට මේ දත්ත මත අවසන් තරගයේ ස්ථාන ද තීරණය වන්නේ නම් ඩැනියල්ට අභියෝගයක් වීය හැකි හොඳම ක්‍රිඩකයා අකලංක ය.එසේම මූලික තරග දත්ත අනුව,ඩැනියල් අභිබවා අවසන් තරගයට පිවිසි ක්‍රීඩකයින් අතර හොඳම දක්ෂතාවය දක්වා ඇත්තේ ද අකලංක බැවින් ශ්‍රී ලංකාවට ඉහළ බලාපොරොත්තු තබා ගත හැකි දවසක් හැටියට අද දවස හැදින්විය හැකිය.
අවසන් තරගයේදී ඩැනියල් පස්වන මං තිරුවේද,බාපි දෙවන මං තීරුවේද සටන් වදින අතර අකලංක තරගයට පිවිසෙන්නේ සිව්වන මං තීරුවේය.

අද ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩකයින්ට සහ ක්‍රීඩීකාවන්ට කාර්ය බහුල දවසක් වන අතර අකලංක මීටර් 400 කඩුලු අවසන් තරගයට සහභාගි වෙද්දී එම බාලිකා ඉසව්වෙන් අකලංකගේම විද්‍යාලය වන අඹගමුව විද්‍යාලය නියෝජනය කරන ශනිකා හංසනී මුණසිංහ තරග බිමට පිවිසෙයි.ඇය ද අනුර බණ්ඩාර යටතේම පුහුණුව ලබන්නීය.අද පැවත්වෙන බාලක උස පැනීමේ තරගයට නිලුපුල් පැහැසර සහ ලෙසඳූ අර්ථවිදු එක්වෙයි.නිලුපුලු ද පුහුුණුව ලබන්නේ ඔලිම්පික් නියෝජනයට සුදුසුකම් ලද මංජුල කුමාර විජේසේකරගේ පුහුණුකරුව සිටි කීර්ති කුමාර යටතේය.අර්ථවිදු පුහුණුව ලබන්නේ ගීත් හතුරුසිංහ යටතේ ය.
මලල ක්‍රීඩා කණ්ඩායමට එක් වී සිටින අනෙක් ක්‍රිඩිකාව වන්නේ කසුනි නිර්මාලී ය.ඇය සහභාගි වන මීටර් 800 කාන්තා ඉසව්වද අද පැවත්වෙන අතර කසුනිගේ පුහුණුකරු බුද්ධික නුවන් ය.


යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ දී පදක්කමකට සමීපතම බලාපොරොත්තුව ලෙස පැහැදිළි දත්ත තිබියදී මලල ක්‍රීඩාව සම්බන්ධයෙන් වීසා ලබා ගැනීමේදී විශේෂ අවධානයක් යොමු කිරීමට කටයුතු නොකළ ද,වෙරළ වොලිබෝල් කණ්ඩායම සමඟ පුහුණුකරු සහ කළමණාකරු යන දෙදෙනාම එක්ව සිටිති.නමුත් සමීන් මධුශාන් සහ මනුජ නිසල් ද පළමු වරට පිටියට පිවිසීමේදී පුහුණුකරු ද නොමැතිව සිටි අතර අධික ගමන් වෙහෙසෙන් තරග වැදිණ.පසුව තත්ත්වය සමනය වූ පසුව ඔවුන් මුල් තරගයේදී පරාජය වූ සත්කාරක ට්‍රිනිටෑඩ් සහ ටොබෑගෝ ක්‍රීඩක යුගලය පරාජය කිරීමට සමත් වූ අතර ඉන් පසුව ඊයේ ද සෙන්ට් කිට්ස් දුපත් හී ජුලියන් අකෝශ් ශෂී සහ සුන්දර් විකාශ් ප්‍රකාහ් ව ද වට 2-0 ට පරාජය කරන්නට සමත් විය.එහි ලකුණු තත්ත්වය දැක් වූණේ ලකුණු 21 – 7 ක් සහ 21 – 8 ක් ලෙස ය.
අකලංකගේ තරග වීඩියෝව පහතින් දැක්වේ.


https://youtu.be/CPvQLaUOPJI

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan