*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

ඔබ ගොඩක් පරිභව කරනවා කියන්නේ ඔබ ගොඩක් ආදරෙන් ඉඳල තියනවා කියන එක ….

කිසිම න්‍යායක් පාවිච්චි කරන්නේ නැතුව ”ලිබරල්” කියන එක තේරුම්ගන්න උනොත් මම ඒක ජීර්ණය කරගන්නේ මේ වගේ ජීවන උදාහරණයක් එක්ක. මොකද දැන් වමේ අය පොඩි ලිබරල් කෑල්ලකුත් එල්ලගෙන දේශපාලනය කරමින් ඉන්න නිසා.

අවුරුදු ගණනක් ජීවත් වෙලා යම් වෙලාවක දෙන්නෙකුට වෙන්වෙලා යන්න හිතෙනවා කියන්න. මොකද වෙන්වීමකදී තමයි මේ අධිකාරී බව, බලය, පුරුෂත්වය, ගහල දමන එක වගේ දේවල් එළියට එන්නේ. ඉවසීම, ඉඩදීම සහ සමුදීම කියන එක උරගා බැලෙන්නේ. විශේෂයෙන් ඇත්ත ආදරය උරගා බැලෙන්නේ.

අවුරුදු ගණනක් එකට ජීවත් වෙනකොට විශ්වාසය සහ තවත් කරුණු මත දෙන්නෙක් (හෝ කිහිප දෙනෙක්) අතරේ හුවමාරු වෙන ගොඩක් දේවල් තියනවා. දරුවෝ, දේපළ, මුදල්, යාන වාහන වගේ භෞතික දේවල් වගේම හැඟීම් එක්ක හුවමාරු වෙච්ච දේවලුත් ගොඩක් තියෙන්න පුළුවන්. ඒවායින් වෙන්වීම දුෂ්කරයි වගේම වේදනාත්මකයි. ඒ වේදනාව නිසාම ප්‍රචණ්ඩ වෙන්නත් පුළුවන්. ඔය හොලිවුඩ් නළු නිළියෝ උනත් කොච්චර මොඩ් ලයිෆ් ස්ටයිල්ස් තිබ්බත් මේ වෙන්වෙන තැනදී ගහ මරා ගන්නේ පරණ විදියටම තමයි. ඒක තේරුම්ගන්න පුළුවන්.

හැබැයි දේශපාලනය ඇතුලේ එක තැනක යම් කාලයක් ඉඳල එතනින් වෙන් වෙලා යන්න උණොත් ලංකාවේ වමේ හෝ වාම ප්‍රජාතන්ත්‍රවාදී (left liberals) කියන කොටස්වල ක්‍රියාකාරීන් නම් කෙළින්ම ත්‍රස්තවාදයක් වෙත ගමන් කරනවා. අඩෝ, මූ, පරය, බල්ල, පාදඩ, කාලකන්නි, මුගේ අම්මට, ගූ කෑලි, සක්කිලි වගේ යෙදුම් එක්ක තමයි සමු දුන්නත් දෙන්නේ.

ඒවා කාගෙන යන්න බැරිනම් ඒ කසාදේ එල්ලිලා ඉන්නම වෙනවා. ලංකාවේ කසාද පවතින්නේ මෙන්න මේ සමාජ අපවාදයට බයේ මිසක් ඇත්ත උවමනාව ඇතුලේ නෙවෙයි. වම සහ ලංකාවේ කසාදය කියන මේ දෙකම පවතින්නේ එකම තර්කයක් ඇතුළේ. දෙකම දේශපාලනිකයි. දෙකම ගෝත්‍රිකයි.

මේ පරිභව වලින් කියවෙන්නේ යම් තර්ජනයක්. ”හොඳයි පලයන්. හැබැයි ආයේ කොහෙවත් යන්න බැරිවෙන්න තොගේ කාඩ් කුඩුකරලා තමයි අපි උඹව යවන්නේ”.

මේක පරණ අර්ථයෙන් පිතෘමූලික පවුලක අවිඥාණය වැඩකරන එක විදියක්. මේක ලිබරල් වෙන්නේ කොයි අර්ථයෙන්ද කියන්න මම දන්නේ නැහැ. ලංකාවේ වෙන්වීම්වල මම දන්නා නරකම උදාහරණය X එකේ වෙන්වීම.

මින් කියවෙන්නේ මිනිස්සුන්ට ‘දේශපාලන නිරවද්‍ය බව’ ඇතුලේ විතරක් කතාකරන්න අයිතිය තියනවා කියන එක නෙවෙයි.

හැබැයි එකක් තියනවා. ඔබ ගොඩක් යමෙකුට පරිභව කරනවා කියන්නේ ඔබ ඒ කෙනාට ගොඩක් ආදරය කරලා තියනවා කියන එක (One measure of true love is you can insult the other).

අනූව දශකයේ නාමල් උඩුගම මෙහෙම ගයනා කළා.

”කෙදිනක හෝ අපගේ සිතුම් පැතුමන් ඉටුවේවි….”

~ මහේෂ් හපුගොඩ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan