ආණ්ඩුවට බැරි නම් අපිවත් IMF එකත් එක්ක සාකච්ඡා කරමු – විපක්ෂ නායක සජිත් (VIDEO)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන කතා වනවිට රජයෙ මන්ත්‍රීවරුන් කළබල වෙන බවත් හරියට IMF එක සමග ගනුදෙනු කළේ නම් එය රටේ වාසියට යොදා ගැනීමට හැකි බවත් නමුත් වත්මන් රජය සිදුකළේ එහි අනික් පැත්ත බවත් IMF එක කියන කොන්දේසිවලට ඔවුන් එකවර එකග වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

වෛද්‍යවරුන් මෙන්ම තවත් පුහුණු ශමිකයන්ගේ හිගයක් ඇති වුවහොත් ගන්නා ක්‍රියාමාර්ග ගැන මෙන්ම නව ශ්‍රමිකයන් බිහි කිරීමට යන කාලය සහ ඔවුන් ද රටෙ රැදේවිද යන සැකය සම්බන්ධයෙන් දත්ත මත පදනම්ව විද්‍යාත්මක තර්කයක් IMF එකට ඉදිරිපත් කළහොත් ඔවුන් එය පිළිගත හැකි බවත් ආණ්ඩුව යනු සම්බන්ධීකාරණය කරන්නකු නොව මේ රටේ බාරකාරයා බැවින් හොද විශ්වාසයක් ඇති කර නැවත සාකච්ඡාවට යායුතු බව විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියෙ ඊයේ (08) පාර්ලිමෙින්තුවේදී විපක්ෂ නායක කමිටුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ කමිටු සාමාජිකයන් සමග පැවැති අවස්ථාවේ දීය. එහි දී දීර්ඝ වශයෙන් මෙරට සිහින දක්ෂ වෛද්‍යවරු ආණ්ඩුවේ දුර්දාන්ත තීන්දු තීරණ හේතුවෙන් රට හැරයාම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් විය.

පසුගිය දිනක කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරීන් තමාගේ මැදිහත්වීම මත මුහුණට මුහුණ මුණ ගැසී ඔවුන්ගේ ප්‍රශ්න හා ගැටලු සාකච්ඡා කළා සේ ආණ්ඩුවට හැකියාවක් නොමැති නම් විපක්ෂය එකට එකතු වී IMF එක සමග සාකච්ඡා කර මෙසේ වෛද්‍යවරුන් රට හැරයාමේ දත්ත සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ අවස්ථාවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් මෙන්ම විපක්ෂය නියෝජනය කරමින් පක්ෂ නායකයන් රැසක් ද එක් වූහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...