*
Thursday, September 19, 2024
spot_img

Latest Posts

මේ පනින පැනිලිවලට දැන් නම් ගෙම්බොත් පුදුම වෙලා ඉන්නේ – හරිනි අමරසූරිය

කොළඹ LNW:වර්තමාන දේශපාලකයින් පනින පැනිලිවලට ගෙම්බොත් පුදුම වෙලා බලා සිටින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළේ ඊයේ (09) පස්වරුවේ මාලබේ ප්‍රදේශයේ ජන හමුවකට එක්වෙමිනි.

මන්ත්‍රීවරුන්ගේ පැනිල්ල දැන් ගෙම්බෝ පැනිල්ලටත් වඩා විශාල බවයි ඇය කියාසිටියේ.

පක්ෂ මාරු කළ මන්ත්‍රීවරුන් දෙදෙනාගේ මන්ත්‍රී ධූරය අහිමි වීමට වසර දෙකහාමාරක් ගත වුවද පක්ෂ මාරු කළ සැණින් මන්ත්‍රී ධූරය අහිමි වන නීතියක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් ගෙන එන බව ඇය අවධාරණය කළාය.

”තව දුරටත් අපි චන්ද දායකයින් විතරක් නෙවෙයි. අපේ දෛවය තවදුරටත් කාටවත් භාරදෙන්නේ බෑ. ජාතික ජන බලවේගය කියන්නේ පක්ෂයක් නෙවෙයි. මේ රටේ ඇතිවෙලා තියෙනපුළුල්ම ජාතික ව්‍යාපාරයක්.මේක අපේ රටේ ඉතිහාසය වෙනස් කරන මැතිවරණයක්. මේක ප්‍රභූ පාලනයෙන් පීඩිත ජනතාවට බලය මාරුවෙන මැතිවරණයක්. ඔවුන්ට අද ඉතුරුවෙලා තියෙන්නේ මඩ ව්‍යාපාරයක් විතරයි. එක පැත්තකින් ඩීල් දේශපාලනය තුළින් බලය අල්ලගෙන ඉන්න පිරිසක් අනිත් පැත්තෙන් මේක වෙනස් කරන්න හදන අති බහුතර පිරිසක්. අද එක පාර සන්ධාන මතුවෙලා. අපේ රටේ ගෙම්බෝ පුදුමෙන් බලා ඉන්නවා. ගෙම්බොත් පුදුම වෙන පැනිලි තියෙන්නේ.ප්‍රතිවාදීන්ට මාධ්‍ය හසුරුවන්න පුලුවන්, රාජ්‍ය යාන්ත්‍රණය හසුරුවන්න පුලුවන් වගේම බොරු ගොතන්න පුලුවන්. මේවත් එක්ක තමයි අපිට හැප්පෙන්න වෙන්නේ. එක්කෙනෙක් මගෙන් ඇහුවා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ආවාම අවුරුදු 65ක් වැඩි අය මරනවා කියලා. එහෙම.වුනොත් මෙතනත් දෙතුන් දෙනෙක් අවධානමක. සියලු ක්ෂේත්‍ර කඩාවට්ටපු අවස්ථාවක සියල්ල ගොඩනගන්න ඕන. ඒ වෙනුවෙන් තමයි පුනරුද යුගයක් කියන්නේ.ජාතික ජන බලවේගයේ පුනරුද යුගයක් කියන්නේ සමාජ සාධාරණත්වය වෙනුවෙන් වැඩකරන එකකට.ජනතා පාලනයක් තුළ ජනතාවද සිටිය යුතුයි. අපේ ව්‍යවස්ථාව තුළ නැවත කැදවීමේ බලය තිබිය යුතුයි.ප්‍රදේශයේ දේශපාලකයා දුෂණයක් කරනවා නම් ඔහුව ඉවත්කර අලුත් කෙනෙක් පත්කරගන්න පුලුවන්කම තියෙන්න ඕන. අපි නීතියක් ගෙනෙන්න ඕන. පක්ෂ මාරු කළා නම් මන්ත්‍රී ධූරය අහිමිවෙන මේ ගෙබි වැඩ නවත්වන්න ඕන. අපේ ආණ්ඩුවක් තුළ පක්ෂය මාරු කළොත් මන්ත්‍රී ධූරය අහිමි වෙනවා.” යනුවෙන් ඇය තවදුරටත් සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan