Monday, September 26, 2022
spot_img
spot_img

Latest Posts

ධම්මික පෙරේරා ආර්ථික ස්ථායීකරණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයට ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ආර්ථික ස්ථායීකරණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ මහතාව කැබිනට් බලතල සහිතව ආර්ථික සංවර්ධන කමිටුවේ සභාපති ධුරයට පත්කෙරෙනු ඇති බව මීට පෙර සඳහන් වී තිබුණ ද මේ වනවිට එය වෙනස් වී ඇති බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

ධම්මික පෙරේරා මහතා මීට පෙර කෙටි කාලසීමාවක් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අතර එම දින ගණන තුළ ඒ මහතා ඉටු කළ කාර්යභාරය ජනතාවගේ මහත් ප්‍රසාදයට හේතුවී තිබිණි.

RN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.