තැපැල් ගාස්තුත් ඉහළ යන ලකුණු – 15 අවම ගාස්තුව 300% කින් ඉහළට ?

වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 75% කින් ඉහළ දැමීමට තීරණය කර ඇති අතර ඉදිරියේදී ජල ගාස්තුද ඉහළ ප්‍රතිශතයකින් වැඩි කිරීමට යෝජනා වී තිබෙනවා.

මේ අතර ලබන 15 වැනිදා සිට තැපැල් ගාස්තුද ඉහළ දැමීමට නියමිත බවයි වාර්තා වන්නේ.

නව සංශෝධනයට අනුව, මේ වනවිට රුපියල් 15 ක් ලෙස පවතින අවම තැපැල් ගාස්තුව රුපියල් 50 ක් දක්වා ඉහළ දැමීමටයි යෝජනා වී තිබෙන්නේ. එය 300% කට අධික ඉහළ යාමකි. අවම ලියාපදිංචි තැපැල් ගාස්තුවද රුපියල් 45 සිට 110 ක් දක්වා ඉහළ දමනු ඇති බවටයි වාර්තා වන්නේ.

තැපැල් මගින් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ ගාස්තුද ඉහළ යනු ඇති අතර ග්‍රෑම් 250 ක් සඳහා අය කරන මුදල රුපියල් 200 දක්වා ඉහළ යනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...