විදේශ කටයුතු ඇමතිගේ ඉරාන සංචාරය සාර්ථකව අවසන්

Date:

ඉස්ලාමීය ඉරාන ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හොසේන් අමීර්-අබ්දුල්ලාහියන් මහතා සිදු කළ ආරාධනයකට අනුව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා 2023 අගෝස්තු 04 සිට 07 දක්වා ඉස්ලාමීය ඉරාන ජනරජයේ නිල සංචාරයක නිරත විය.

මෙම සංචාරයේ දී අලි සබ්රි අමාත්‍යවරයා ඉස්ලාමීය ඉරාන ජනරජයේ ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා හමුවිය. තවද, විදේශ කටයුතු අමාත්‍ය අමීර්- අබ්දුල්ලාහියන් මහතා සහ මහ බැංකු අධිපති ආචාර්ය මොහොමඩ්-රේසා ෆර්සින් මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වී ය.

ජනාධිපති රයිසි මහතා සමඟ පැවති සාකච්ඡාවේ දී, දෙරටේ විශිෂ්ට ද්විපාර්ශ්වික සබඳතා අගය කළ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා , සංවර්ධන ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාවට ලබා දුන් සහය පිළිබඳව ශ්‍රී ලංකාවේ ප්‍රසාදය පළ කළ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රමුඛ ණය ප්‍රතිව්‍යුහගත  කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර ගෙනහැර දැක්වී ය. ඉරාන ඉස්ලාමීය ජනරජය විශේෂයෙන් විද්‍යාව හා තාක්‍ෂණය ආදී විවිධ ක්ෂේත්‍ර තුළින් ලබා ඇති ප්‍රගතිය ගැන සඳහන් කළ රයිසි මහතා, ශ්‍රී ලංකාව වැනි මිත්‍ර රටවල් සමඟ එම හැකියාවන් බෙදා ගැනීමට ඉදිරිපත් විය.

අලි සබ්රි සහ ආචාර්ය අමීර්-අබ්දුල්ලාහියන් යන මහත්වරු ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කලාපීය සහ ගෝලීය අභියෝග රැසක් පිළිබඳව පුළුල් සාකච්ඡා පැවැත්වූ හ. එම ක්‍රියාවලිය පහසු කිරීම සඳහා ඉවහල් වන ආර්ථික හවුල්කාරිත්ව වැඩසටහන් සහ ගිවිසුම්වලට එළැඹීමට ඇති කැමැත්ත ඇතුළුව, සමීප සහ සුහද ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර පුළුල් කිරීමේ අවශ්‍යතාව අමාත්‍යවරු විසින් මෙහිදී අවධාරණය කරන ලදී. ශ්‍රී ලංකාවට ද්විපාර්ශ්වික සහ ජාත්‍යන්තර වේදිකා හමුවේ ලබා දුන් සහයෝගය පිළිබඳව අමාත්‍ය අමීර් අබ්දුල්ලාහියන් මහතා වෙත ස්තූතිය පළ කළ අමාත්‍ය අලි සබ්රි අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ පිළිවෙත ගත් කල, ශ්‍රී ලංකාව “සියලු දෙනාගේම මිතුරෙකු වන බවත් කිසිවෙකුගේ සතුරකු නොවන”  බවත් ප්‍රකාශ කළේ ය.

ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමි වීම සහ මෙම වසරේ ඔක්තෝම්බර් මස පැවැත්වීමට නියමිත කාණ්ඩ කිරීම පිළිබඳ අමාත්‍ය රැස්වීම පිළිබඳව ද මෙහිදී සඳහන් කෙරිණි.

අමාත්‍ය අලි සබ්රි මහතා මෙම සංචාරය අතරතුර දෙරට අතර ආර්ථික සහයෝගීතාව සහ ඒ හා සබැඳි ක්‍රම සහ විධි ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මහ බැංකු අධිපති ආචාර්ය මොහොමඩ් රේසා ෆර්සින් මහතා හමුවිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙහෙයවන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට එකඟ වීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා ඉස්ලාමීය ඉරාන ජනරජයේ රජය වෙත ශ්‍රී ලංකාවේ ප්‍රසාදය පළ කළේ ය.

උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියට මෙන්ම ග්‍රාමීය විදුලි ව්‍යාපෘතියට ලබාදුන් සහය ඒ මහතා මෙහිදී අගය කළේ ය. තෙල් මිලදී ගැනීම සඳහා වන පියවීම් ක්‍රියාවලිය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ආරම්භ කිරීම මෙන්ම ලංකා තේ සැපයීම පිළිබඳව ද අමාත්‍ය අලි සබ්රි මහතා විසින් මහ බැංකු අධිපතිවරයා දැනුම්වත් කරන ලදී.

අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා දූත පිරිසට ඉස්ලාමීය ඉරාන ජනරජයේ ශ්‍රී ලංකා තානාපති විශ්වනාත් අපොන්සු, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සමන්ත බණ්ඩාර සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මොහොමඩ් රිස්වි යන මහත්වරු ඇතුළත් වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් අනතුරින් බටහිර ඇෆ්ගනිස්ථානයේ අහිමි වූ ජීවිත ගණන 73ක්: 17 ක් කුඩා දරුවන්

රෂිකා හෙන්නායක අගෝස්තු 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කාබුල් බලා යමින්...

මහනුවර හෙක්ටයාර 3000ක අලුතෙන් වගා කිරීමට සැලසුම්!

කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම්...

සංස්ථා ලුණු මිල පහළට!

කොළඹ LNW:ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු...

දෙස් විදෙස් නිවාඩු තාවකාලිකව අවලංගු වීම ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහක්!

රෂිකා හෙහෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW: විදේශීය සහ දේශීය නිවාඩු...