මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් හඳුනා ගැනීමේ ජංගම යෙදවුම කඩිනම් කරන්න  – පාඨලී

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත්තේ , මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් හඳුනා ගැනීමේ ජංගම යෙදවුම කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසයි. ඒ අද (10) එම කාරක සභාවට සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ආරක්ෂක ස්ටිකර් නිෂ්පාදන සමාගමක නියෝජිතයෙකු කැදවූ අවස්ථාවේදීයි.

එහිදී උපදෙස් ලබා දී ඇත්තේ , මත්පැන් බෝතල්වල අලවා ඇති ආරක්‍ෂිත ස්ටිකර්වවල ව්‍යාජ ඒවා හඳුනා ගැනීමට පාරිභෝගිකයන්ට හා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට හැකිවන පරිදි පවතින ජංගම යෙදවුම වැඩි දියුණු කරන ලෙසයි.

එහිදී ,  මත්පැන් බෝතල්වල ආරක්‍ෂිත ස්ටිකර් ඇලවීම අනිවාර්ය කළද එම උපදෙස් දිවයිනේ සියලුම මත්පැන් නිෂ්පාදකයින් අනුගමනය නොකිරීම සම්බන්ධයෙන් කමිටු සාමාජිකයන්ගේ අප්‍රසාදය පළ වී ඇත.

එම ස්ටිකර් භාවිත නොකරන සමාගම් හතරක් මේ වන විට හඳුනාගෙන ඇති බව ද එහිදී සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවසූ අතර , අදාළ ව්‍යාජ ස්ටිකර් සහිත බෝතල් හඳුනාගැනීම සඳහා විශේෂ උපකරණ 200ක් පසුගිය මාර්තු මාසයේදී සුරාබදු දෙපාර්තමේන්තුවට ලබාදී තිබුණ ද මේ දක්වා එම උපකරණ භාවිත කර නොමැති බවද මෙහිදී අනාවරණය වී ඇත.

කෙසේ වෙතත් එම උපකරණ ප්‍රායෝගිකව භාවිතා කළ හැකි මට්ටමට තාක්ෂණික වශයෙන් වැඩි දියුණු කිරීම ලබන 30 වැනිදා වන විට සම්පුර්ණ කරන ලෙස  අදාළ සමාගමට පාඨලි චම්පික රණවක මහතා උපදෙස් ලබා දී ඇත.

තවද, ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට අයවිය යුතු බිලියන 7ක හිග මුදල් මෙම වර්ෂයට හා පෙර වර්ෂවලට අදාළව හිග බදු මුදල් අයකර ගැනීමේ සැලසුම ලබන ඔක්තෝම්බර් මස 30 වන දිනට පෙර කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙස ද සභාපතිවරයා විසින් ශ්‍රී ලංකා සුරා බදු දෙපාර්තමේන්තුවේ නිළධාරීන් වෙත මෙහිදී වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...