රෂිකා හෙන්නායක අගෝස්තු 12, කොළඹ (LNW):
පසුගිය පළාත්පාල මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන 240න් 230ක පමණ නියෝජිතයින් මෙවර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවීම සදහා කටයුතු කරන බව කුරුණෑගල මහනගර සභාවේ හිටපු නගරාධිපති තුෂාර සංජීව මහතා පවසයි.
ඔහු මේ බව සදහන් කර ඇත්තේ පළාත් පාලන නියෝජිතයින්ගේ මාධ්‍ය හමුවකදී බව පැවසේ.