ඇමෙරිකානු නාවුක පර්යේෂණ ආයතන ප්‍රධානීන් තානාපති සමරසිංහ හමුවෙයි.

අශෝක ජයතුංග

අගෝස්තු 12, වොෂින්ටන් LNW :

ඇමෙරිකා එක්සත් ජනපද නාවුක පර්යේෂණ ආයතනයේ ආචාර්ය එම්ලි ශ්රෝයර් මහත්මිය හා එරට නාවුක පර්යේෂණ රසායනාගාර විද්‍යාඥ්‍ර ආචාර්ය හේමන්ත විජේසේකර හා නොට්‍රෙඩෙම් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය හරීන්ද්‍ර ප්‍රනාන්දු මහත්වරු පසුගියදා ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා ප්‍රමුඛ නිලධාරීන් හමුවූහ.

වොෂින්ටන් ඩී සී හි තානාපති පරිශ්‍රයේදී එම හමුව සිදුවූ අතර  ශ්‍රී ලංකාව හා ඇමෙරිකාව අතර නාවුක හා සමුදු කේන්ද්‍රීය සහයෝගීතාව හා පර්යේෂණ වලට අදාළ සාකච්ඡා හරහා වැදගත් තීන්දු කිහිපයකට එළඹ තිබේ.

තානාපති කාර්යාල නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී රොහාන් අඔගොල්ල වානිජ අංශ ප්‍රධානී චරිත යට්ටෝගොඩ හා ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් චමින්ද ලියනගේ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 ඩකාර් රැලි තරගාවලිය සෞදි අරාබියෙන් ඉවතට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : ජාත්‍යන්තර ක්‍රීඩාව සහ...

නාය යෑමේ අනතුරු ඇඟවීම්:රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06කට ඉවත් වීමේ රතු නිවේදන

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි...

දිවයිනේ සියළුම පාසල් හෙට (27) දින පමණක් වසා දැමේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : පවතින අයහපත් කාලගුණ...