නිදහස් වෙන්න දිවුරුම් ප්‍රකාශය දෙන්න ලෑස්තිද? රන්ජන්ගේ ප්‍රතිචාරය මෙන්න! (VIDEO)

Date:

සිර දඬුවම් ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (12) නුගේගොඩ ගංගොඩවිල අධිකරණය හමුවට රැගෙන ආවේය.

ඒ, නීතිවිරෝධී ලෙස ගිනි අවියක් ළඟ තබා ගැනීම සහ හඬ පට නඩුවකට අදාළවයි.

එම නඩු යළි ලබන පෙබරවාරි 29 වැනි දින දක්වා කල් තැබුණි.

රන්ජන් රාමනායක මහතා වෙත පොදු සමාව ලබා ගැනීමට නම් ඔහු අතින් සිදුව තිබෙන වරදට කණගාටුව ප්‍රකාශ කරමින් දිවුරුම් පෙත්සමක් ලබා දීමට සිදුවන බවට පසුගියදා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබුණු අතර අධිකරණ භූමියෙන් ඉවත්ව යමින් සිටියදී මාධ්‍යවේදීන් ඔහුගෙන් ඒ ගැන විමසා සිටියේය.

ඊට පිළිතුරු දෙමින් රන්ජන් රාමනායක මහතා පැවසුවේ ”ඉදිරියේදී ඒ ගැන බලමු ජනතාව කියන දෙයක් කරනවා”යනුවෙනි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යළි හැදෙන රට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : මුලතිව්, මුත්තයාන්කට්ටු වැවේ...

යොක්ස් ෆෝඩ් වතුයායේ නායයාමේ අවදානම නිසා පේලි නිවාස 16ක පවුල් 45ක් තවකාලිකව ඉවත් කෙරේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW⁩: මේ වනවිට තලවාකැලේ...

Rebuilding Sri Lanka ඇ. ඩො. මිලියන 11 ඉක්මවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : දිට්වා...