*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

ගවනර් මදිවාට ඩිපියුටි ගවනරුත් ජනාධිපතිට කින්ඩිය දායි … !

ශ්‍රී ලංකා මහබැංකුවේ නියෝජ්‍ය අධිපතිනී වයි. පී. ප්‍රනාන්දු මහත්මියත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික ප්‍රතිපත්තිය ප්‍රසිද්ධියේම දැඩි ලෙස විවේචනය කර ඇති බව වාර්තා වේ.

පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී ඇය ප්‍රහාරාත්මක විවේචනයක් එල්ල කරමින් ජනාධිපතිවරයාගේ ආර්ථික වැඩපිළිවෙල නිවැරදි එකක් නොවන බවත්, ඒ ඔස්සේ රටට ඉදිරි ගමනක් නොමැති බවත් ආවේගශීලීව ප්‍රකාශ කර ඇති බව සඳහන්.

මෙහිදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ද කිසිත් නොකියා කට ඇරගෙන එය අසාගෙන සිට ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මෙහි ඇති හාස්‍යජනක තත්වය වන්නේ පසුගිය රාජපක්ෂ පාලනයේ වසර දෙකහමාරක කාලය තුළ රටේ ආර්ථිකය ව්‍යසනය කරා දක්කාගෙන යාමට අදාළ සියලු තීන්දු තීරණවලට දායක වූ මහබැංකු ඉහළ නිලධාරීන් දැන් මාස තුනක් පමණක් ආණ්ඩු කරන රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා කිරීමට පටන් ගැනීම ය. රටේ ආර්ථිකය කඩාවැටුණේ පසුගිය මාස තුනේදී යැයි ප්‍රනාන්දු මහත්මිය ඇතුළු අය සිතන බවක් පෙනේ. ඇත්තටම සිදුව ඇත්තේ ආර්ථික ව්‍යසනයේ වග උත්තරකරුවන් විය යුතු ප්‍රනාන්දු මහත්මියත් ඇතුළු ඉහළ මහබැංකු නිලධාරීන් දැන් පෙත්සම්කරුවන් වෙසින් පෙනී සිටිමින් එය නව ජනාධිපතිවරයාගේ කරේ ගැසීමට සැරසීමය.

මේ විකාරයත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාම රටට දායාද කර ගිය ප්‍රවණතාවක තවත් පියවරක් බවත් කිව යුතුය. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතිශය බරපතළ වැරදි තීන්දු ගණනාවකින් තවත් එකක් ලෙස ඔහු මහබැංකු අධිපති වශයෙන් නන්දලාල් වීරසිංහ මහතාව පත් කළ අතර නන්දලාල් මහතා එම තනතුරට පත්වී දින කිහිපයකින් ශ්‍රී ලංකාව බංකොලොත් රටක් වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

අද රටක් වශයෙන් අප විඳින දුෂ්කරතා රාශියකට හේතුවුණේ කැබිනට් අනුමැතියක් හෝ නොමැතිව මහබැංකුවේ වුවමනාවට ගත් මේ තීරණයයි. එහෙත් නන්දලාල් වීරසිංහ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති බලය ඇඟට ආරෝපණය කරගනිමින් එවකට අගමැති රනිල් වික්‍රමසිංහ දිගින් දිගටම මහතාව විවේචනය කළ අතර තමන් සිටින්නේ වික්‍රමසිංහ මහතාට වඩා ඉහළින් බව පෙන්වීමට සැමවිටම උත්සාහ කළේය.

දැන් ඒ අසනීපය වයි. පී. ප්‍රනාන්දු මහත්මියටත් බෝවී ඇති බවක් පෙනේ.

“නිවට කරණවෑමියා දුටුවාම එළුවාත් රැවුල පානවා” යනුවෙන් කතාවක් තිබේ. නන්දලාල් වීරසිංහ මහතා සුපර් මෑන් චරිතයට අඳිමින් තමන්ට පහර ගසද්දී වික්‍රමසිංහ මහතා ඊට එරෙහිව කිසිදු පියවරක් ගත්තේ නැත. දැන් ඒ අනුවම යමින් මහබැංකු නියෝජ්‍ය අධිපතිනියත් රටේ ජනාධිපතිවරයාගේ ඔළුවට අත සේදීමට උත්සාහ කරනු දක්නට ලැබේ. මෙය කොතැනින් හෝ කෙළවර කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තේරුම් ගතයුතුව ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan