තමන් නවාතැන් ගෙන සිටින හෝටල් කාමරයෙන් පිටතට නොයන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තායිලන්ත ආරක්ෂක අංශ විසින් දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
පවතින ආරක්ෂක තත්වය මත එම දැනුම් දීම සිදුකර ඇති බව සඳහන්.
ඒ මහතා රැඳී සිටින හෝටලයේ නම හෙළිකර නොමැති අතර ඒ මහතාගේ ආරක්ෂාව සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු ආරක්ෂක නිලධාරීන් එම හෝටලය තුළ යොදවා ඇති බවත් වාර්තා වේ.
ශ්‍රී ලංකාවෙන් පිටව යාමෙන් අනතුරුව මාසයකට ආසන්න කාලයක් සිංගප්පූරුවේ රැඳී සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දිනයේදී තායිලන්තයට පැමිණ තිබිණි.
RN