*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

අපොස සාපෙළ වෙනස් වෙයිද?

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කොළඹ රාජකීය විද්‍යාලයේ පැවැති උත්සවයකට සහභාගී වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ප්‍රකාශ කර ඇත්තේ , ඉදිරියේ දී අපොස සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණියේ දී පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ මේ වනවිට සොයා බලමින් සිටින බවයි.

අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ, ආරම්භක යුගයේ දී සාමාන්‍ය පෙළ විභාගයට සිසුන් මුහුණ දුන්නේ 10 ශ්‍රේණියේ දී වුවත් පසුකලක දී එය 11 වසර දක්වා වසරකින් දිගු වූ බවයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ , 10 ශ්‍රේණියේ දී සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ මේ වනවිට අදාළ පාර්ශවයන් සමග සාකච්ඡා කරමින් සිටින බවත් ඉදිරියේ දී අධ්‍යාපන පරිවර්තනයේ දී මෙම කටයුත්ත පිළිබඳව ද සලකා බැලීමට නියමිත බවයි

එහිදී අමාත්‍යවරයා පැහැදිලි කළේ, එමෙන්ම මෙම කාර්යය එක්වර සිදුකළ නොහැකි 1, 6 හා 10 ශ්‍රේණිවලින් ආරම්භ වන සේ ප්‍රාථමික, කණිෂ්ඨ ද්විතීයක, ජ්‍යෙෂ්ඨ ද්විතීයක වශයෙන් වූ වර්ගීකරණ අවස්ථා තුනක යටතේ සිදුකිරීමට අපේක්ෂිත බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ,  ඉතා කෙටි කලක් තුළ අධික වේගයකින් දැනුම දෙගුණ වන දැනුම් සමාජයක අවශ්‍ය යාවත්කාලීන කිරීම් සිදුකර, නව අධ්‍යාපන පරිවර්තනීය වෙනසක් ඔස්සේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසු තමන් ගමන් කළ යුතු අනාගත ගමන් මග  තෝරාගැනීමේ හැකියාව දරු පරපුරට උරුම කර දීමේ පදනම සකස් කළ යුතු බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan