පාස්කු ප්‍රහාරයේ විමර්ශනයට සිද්ධ වුණු දේ ගැන කාදිනල් හිමියන්ගෙන් යළිත් ප්‍රකාශයක් (VIDEO)

Date:

ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයෙහි සිදුවූ කිසිදු මිනීමැරුමක්, පැහැර ගැනීමක් සම්බන්ධව නිසි විමර්ශනයක් සිදුකිරීමට කිසිදු රජයක් කටයුතු නොකළ බවත් පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලටත් අත්වී ඇත්තේ ඒ ඉරණමම බවත් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පවසයි.

“ශ්‍රී ලංකාවේ අපෙ ඉතාමත්ම නරක සම්ප්‍රදායක් තියෙනවා. ඒ තමයි මොනවා හරි දෙයක් සිද්ධ වෙලා සුමාන දෙකකින් ඒක අමතක කරනවා. දන්න කාලෙක ඉඳලා මේ රටේ සිදුවෙච්ච මිනීමැරුම්, පැහැරගැනීම්, බස් බෝම්බ, අතුරුදන් කිරීම්, සුදුවෑන් වලින් ඔසවාගෙන යෑම්, මේ වගේ දේවල් සිද්ධ වෙලා සුමාන දෙකකින් අමතක කරලා දානවා. ඒ කිසිදෙයක් කිසිම රජයක් හරියාකාරව විමර්ශනය කරලා නෑ. විමර්ශනය කරන්න ඉඩ දීලාත් නෑ. විමර්ශනයක් කරන්න කියලා ඉල්ලුම් කරන වෙලාවල්වලට ඒක කොහොම හරි යටගහන්න, කාපට් එක යට හංගන්න අපේ නායකයො හැමදාම වැඩ කළා. පාස්කු ප්‍රහාරයටත් වෙලා තියෙන්නෙ අන්න ඒ දේමයි. අන්න ඒක නිසා තමයි මේ රටේ නීතිය, නීතිය පිළිබඳ ආයතන ස්වාධීන වෙන්නට ඕනෙ. පොලිසිය ස්වාධීන වෙන්නට ඕනෙ. දේශපාලන බලපෑම්වලට යට වෙන්න බෑ පොලිසියට. මම කියනවා අපේ මේ ජනතාවට යුක්තිය ඉටුවෙන්න නම් අපේ මේ දැනට පවතින ක්‍රමවේදය වෙනස් විය යුතුයි. එහෙම නැත්නම් හෙටත් මොනවා හරි ප්‍රහාරයක් වුණොත් ඒ ප්‍රහාරයටත් වෙන්නෙ ඔය ටිකමයි”

කාදිනල් හිමියන් මේ බව පැවසුවේ ඊයේ (13) කටුවාපිටිය දේවස්ථානයේ පැවති ආගමික උත්සවයක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පදික වේදිකාවල වෙළඳාමට නැවත කිසිසේත් අවසර දෙන්නේ නෑ – නගරාධිපති

ලෝක උරුම සංචාරක නගරයක් මෙන්ම පූජනීය නගරයක් වන මහනුවර...

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...