*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

විරෝධතා නොතකා චීන ඔත්තු නැව හම්බන්තොටට?

යුවාන් වැන්ග් 5 (Yuan Wang 5) චීන අභ්‍යවකාශ නිරීක්ෂණ නෞකාව මෙරටට පැමිණීම පිළිබඳ ඉන්දියාව ඇතුළු පාර්ශව ගණනාවක් විසින්ම විරෝධතා මතුව තිබුණ ද එය ලබන අඟහරුවාදා (16) දින හම්බන්තොට වරායට නැංගුරම් ලෑමට නියමිත බව වාර්තා වෙයි.

මේ අතර, ඉන්දියාව නුදුරු දිනක ඩෝනියර් 228 (Dornier 228) වර්ගයේ සමුද්‍ර මුර සංචාර ගුවන් යානයක් ශ්‍රී ලංකාවට ලබා දීමට සූදානම් බව ද වාර්තා වෙයි.

ඒ අනුව මෙම චීන ඔත්තු නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳ සිය විරෝධය පෑමට අමතරව ඉන්දියානු සාගර කලාපයේ ශුද්ධ ආරක්ෂක උපාංග සැපයුම්කරු ලෙස තම නාමය රඳවා ගැනීමේ ප්‍රයද්නයක ඉන්දියාව සිටින බව පසක් වෙයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය ඉකුත් අගෝස්තු 5 වන දින කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයට ලිපියක් යවමින් දෙපාර්ශ්වය අතර වැඩිදුර සාකච්ඡා කරන තෙක් උක්ත නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රමාද කරන මෙන් ඉල්ලා සිටි අතර, පසුව යුවාන් වැන්ග් 5 මෙරටට පැමිණීමෙන් ඉන්දියාවට සිදුවන තර්ජනය පිළිබඳව ලිඛිතව දැනුම් දෙන ලෙස ඉන්දියාවෙන් ඉල්ලා සිටියේය.

මෙම ඉල්ලීමට ඉන්දියාව නිල වශයෙන් මෙතෙක් පිළිතුරක් ලබා දී නොමැති බවත්, ජනාධිපතිවරයා ද මෙම නෞකාව ශ්‍රී ලංකාවේ නැංගුරම් ලෑම පිළිබඳ විරෝධයක් එල්ලකර නොමැති බවත් ආරංචිමාර්ග පවසයි.

මේ අතර, චීන අභ්‍යවකාශ නිරීක්ෂණ නෞකාව මෙරටට පැමිණීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය ද සිය අවධානය යොමුකර සිටි අතර, එම නෞකාව පැමිණීමට විරුද්ධ වීමට හේතු ලිඛිතව දන්වා සිටින ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඈ සමඟ පැවති සාකච්ඡාවකදී ඉල්ලීමක් කර තිබේ. විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා ද එම ඉල්ලීම ම ඉන්දියාවෙන් සිදුකර ඇති අතර, මීට නිල ප්‍රතිචාරයක් ඉන්දියාවෙන් මෙතෙක් ලබා දී නොමැති බව සඳහන්.

මෙම නෞකාව, දැනට චන්ද්‍රිකා සහ අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල නිරීක්ෂණය කිරීම සඳහා චීන මහජන විමුක්ති හමුදාවේ (PLA) උපාය මාර්ගික ආධාරක බලකාය විසින් භාවිතා කරන නෞකා හතරෙන් එකක් බව ද වාර්තා වේ.

යුවාන් වැන්ග් 5 නෞකාව ලංකාවට නැංගුරම් ලෑමට නියමිතව තිබුණේ ඉකුත් 11 වන දින වන අතර, දැන් එය ලබන අඟහරුවාදා දින පැමිණෙන බවයි ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

ආරක්ෂාව සහ අසල්වාසී රාජ්‍ය සමඟ සහයෝගීතාවය පවත්වා ගැනීම තම පරම ප්‍රමුඛත්වය බව ඉකුත් සෙනසුරාදා දින විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිවේදනය කළ අතර, යුවාන් වැන්ග් 5 නෞකාව හම්බන්තොට වරායේ නැංගුරම් ලෑමට අවසර ලබා දීමට වරාය නියමුවරයාට අවසර ලබා දී ඇත.

මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම හරහා රාජ්‍ය තාන්ත්‍රික අර්බුද වර්ධනය වන බවක් පෙනෙන්නට ඇති මුත්, “නැවත පිරවීම” සඳහා එම නෞකාවට අවසරය ලබා දුන් බව රජය පවසා ඇත. මෙම චීන ඔත්තු නෞකාව අගෝස්තු සහ සැප්තැම්බර් දක්වා ඉන්දියානු සාගර කලාපයේ වයඹ දිග ප්‍රදේශයේ චන්ද්‍රිකා පාලනය සහ පර්යේෂණ මැදිහත්වීම් සිදු කරනු ඇති බව රජය වැඩිදුරටත් පවසා ඇත.

මේ අතර, චීන යුවාන් වැන්ග් 5 නෞකාව හම්බන්තොටට පැමිණීමට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට ඉන්දියාව ශ්‍රී ලංකාවට බලපෑම් සිදුකරන බවට පැතිර යන ප්‍රචාරය සම්පූර්ණයෙන් අසත්‍ය බව ඉන්දියාව පෙරේදා (12) නිවේදනය කළේය. එමෙන්ම, පකිස්ථාන යුධ නෞකාවක් වන පීඑන්එස් තයිමූර් (PNS Taimur) කොළඹ වරායට පැමිණීමට ශ්‍රී ලංකා රජය ඉකුත් සිකුරාදා දින අවසර ලබා දුන් අතර, චීනයේ ෂැංහයි හි හුදොං-ෂොංහුවා (Hudong-Zhonghua) නැව් තටාකාංගනය විසින් ඉදිකරන ලද මෙම මිසයිල නෞකාව ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා කොළඹට පැමිණෙන බව නාවික හමුදාව දැනුම් දී තිබේ.

MIAP

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan