මැණිකෙ මම ආයෙ ගෙදර එනවා – ගෝඨාභය 20 වෙනිදා ලංකාවට !

Date:

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගෝස්තු 20 වනදා නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව සමීප ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව තායිලන්තයේ සිට පුද්ගලික ජෙට් යානයකින් ඒ මහතා එදින මෙරටට පැමිණෙනු ඇති බව සඳහන්.

දැනට තායිලන්තයේ හෝටලයක රැඳී සිටින ඒ මහතාට සිය හෝටල් කාමරයෙන් පිටතට නොයන ලෙස එරට ආරක්ෂ අංශ දැනුම් දී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබිණි.

මේ අතර පසුගිය මාසයේ සිට ඒ මහතාගේ මෙම පුද්ගලික ජෙට් යානා ගුවන් ගමන් වෙනුවෙන් මුදල් ගෙවන ලද්දේ කවුරුන් විසින්ද යන ප්‍රශ්නය මේ වනවිටත් දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව ඇති අතර මේ පිළිබඳ නීතීඥ කණ්ඩායමක් ඉදිරියේදී රජයෙන් ප්‍රශ්න කිරීමට නියමිත බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මියන්මාර හමුදාවේ රෝහල් ඉලක්ක කර හෙලූ බෝම්බ ප්‍රහාරය බොහෝ පිරිස් හෙලා දකී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාර හමුදාව පවසන්නේ...

ආපදාවෙන් බිඳ වැටුණු ජල සැපයුම 100% ක් සක්‍රීයයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : පසුගිය දා සිදු...

ආපදාවෙන් පස්සේ ආපු ආපදාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : පසුගිය දා ගංවතුරට...

”දිට්වා” පරදන කන්දකැටිය ධෛර්යයේ මහා වාරි මෙහෙයුම! (PHOTOS)

කොළඹ LNW:බදුල්ල දිස්ත්‍රික්කය පුරා විනාශ වූ වාරී පද්ධති 1020ක්...