රූපවාහිනිය හොර රහසේ විකිණීමට යනවා – වෛද්‍ය නලින්ද ජයතිස්ස

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (14) පැවති මාධ්‍ය හමුවකදී  ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසූවේ රූපවාහිනිය අර්බුදයට පත් කළ අය විසින්ම එය හොර රහසේ විකිණීමට යන බවයි.

තවද,තම තමන්ගේ දේශපාලන ප්‍රතිරූප  පුම්බා ගන්න කළ විකාශනයන් වෙනුවෙන් රාජ්‍ය සංස්ථා, දෙපාර්තමේන්තු සහ අමාත්‍යාංශවලින් රූපවාහිනියට නොගෙවූ විශාල මුදලක් තිබෙන බවත්, විශේෂයෙන්ම මාධ්‍ය නාලිකාවක් පවත්වාගෙන යන්න වැඩසටහන් නිෂ්පාදනය කළ යුතු බවත්  රූපවාහිනියේ එවැනි ගුණාත්මක වැඩ සටහන් නිෂ්පාදන ක්‍රියාවලිය පසුගිය කාලයේ අත්හැරි බවත් කියා සිටියා.

“1982 අංක 06 දරන රූපවාහිනී සංස්ථා පනතෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව පිහිට වූයේ ජපානයෙන් ශ්‍රී ලාංකික ජනතාවට  ලැබුණු පරිත්‍යාගයක් හැටියටයි. අපේ රටේ ජනතාවගේ විනෝදාස්වාද කටයුතු සහ අධ්‍යාපනික කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් එය ලබා දී තිබුණා. මුල් කාලීන අරමුණු අද කොතෙක් දුරට ඉටු වෙනවාද කියන ප්‍රශ්නය තිබියදීම දශක 04කට අධික කාලයක් එය පවතී තිබෙනවා. මෑත දශකවල රූපවාහිනී සංස්ථාව භාරව පත්වුණු ජනමාධ්‍ය ඇමතිවරයා ඇතුළු ඇමතිවරුන් විවිධ පත්වීම් මේ ආයතන තුළ ලබාදුන්නා. දැන් 800ක පමණ සේවක පිරිසක් මෙහි සේවය කරමින් සිටිනවා.

කෙසේ නමුත් පාලකයින් මේ වන විට රූපවාහිනිය කෙතරම් ඇදවට්ටා තිබෙනවාද කියතොත් සමහර මාසවල සේවකයින්ට වැටුප් ගෙවීමට පවා නොහැකි තත්වයක් පවතිනවා. තමන්ට හිමි වැටුප ලබාගැනීමට ඔවුන් අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ කාමරය වට කරන තත්වයක් ඇතිවී තිබෙනවා. පසුගිය කාලය පුරාම බලයේ සිටි ආණ්ඩු විසින් ක්‍රියාත්මක කළ වැරදි ආකාරය නිසා සහ විශේෂයෙන්ම මැතිවරණ කාලයේ බලයේ සිටි ආණ්ඩු මේ සංස්ථාව අවභාවිතා කිරීම නිසා, ගෙවිය යුතු නියමිත මුදල් නොගෙවීම නිසා මේ තත්වයට වැටී තිබෙනවා. කෝප් සහ කෝපා කමිටු වාර්තා ආශ්‍රයෙන් මේ තත්වයට ඕනෑ තරම් නිදසුන් දෙන්න පුළුවන්.

තම තමන්ගේ දේශපාලන ප්‍රතිරූප පුම්බා ගන්න කළ විකාශනයන් වෙනුවෙන් රාජ්‍ය සංස්ථා, දෙපාර්තමේන්තු සහ අමාත්‍යාංශවලින් රූපවාහිනියට නොගෙවූ විශාල මුදලක් තිබෙනවා. විශේෂයෙන්ම මාධ්‍ය නාලිකාවක් පවත්වාගෙන යන්න වැඩසටහන් නිෂ්පාදනය කළ යුතුයි. රූපවාහිනියේ තිබුණේ එවැනි ගුණාත්මක වැඩ සටහන් නිෂ්පාදන ක්‍රියාවලිය පසුගිය කාලයේ අත්හැරියා. මේ නිසා ඔවුන් ලැබූ ලාභය විශාල වශයෙන් අඩපණ වී ගියා. සුදුසුකම් සහිත මානව සම්පතක් සහ අවශ්‍ය උපකරණ තිබුණත් නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අත්හැරි නිසා රූපවානිය මූල්‍ය අර්බුදයකට ලක්වුණා. මෙසේ අර්බුදයට ලක්කළ අය විසින්ම දැන් හොර රහසේම ජනතාවට අයිති ගුවන් කාලය රූපවාහිනිය තුළින්ම විකිණීමට උත්සාහ කරනවා.

ක්‍රීඩා තරග විකාශනය කිරීමට ආරම්භ කළ චැනල් අයි සහ දෙමළ භාෂාව කතා කරන ජනතාව වෙනුවෙන් ආරම්භ කළ නේත්‍රා නාලිකාවත් දක්වා ව්‍යාප්ත කළා. මෙයින් චැනල් අයි නාලිකාව මාසයකට රු. කෝටි 2.5 බැගින් විකිණීමේ කටයුත්තක් දැන් දියත් කර තිබෙනවා. පසුගිය ජූනි 30වැනිදා සිට මාස 06කට බලපැවැත්වෙන පරිදි චැනල් අයි නාලිකාවේ ගුවන් කාලය, වී.අයි.එස්. බ්‍රෝඩ්කාස්ටින් ආයතනයට විනිවිදභාවයකින් තොරව හොර රහසේ විකුණා තිබෙනවා. රූපවාහිනී සේවකයන් අතරින් සහ මේ පිළිබඳව කරුණු දැනගත් අයගෙන් එල්ල වුණු විරෝධය හමුවේ ජනමාධ්‍ය ඇමතිවරයා අනුමැතිය ලබා ගැනීම වෙනුවෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළත් අද උදෑසන එය අනුමත කරගත නොහැකි වුණු බව අපට වාර්තා වෙනවා”

ලෙස ඔහු කියා සිටියා.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...