කිසිදා නොවිසඳෙන සංක්‍රමණ අර්බුදය: බෙලරුස් – පෝලන්ත දේශසීමාව පැනීමට තැත්කළ පුද්ගලයන් අතර ශ්‍රී ලාංකිකයන්!

පීඩිතයා අන්තයටම පාගා දමන වකවානුවක සංක්‍රමණ සීමා බිඳගෙන යෑමට ඔවුන් දෙපාරක් නොහිතන බව සැබෑවකි. ඔවුන්ගේ පැත්තෙන් ඔවුන් ද බලන්නේ ඇහෙන දකින හීන ටිකෙන් ටික හැබෑ කරගන්නේ කෙසේ ද යන්නයි. මෙවන් සමයක බෙලරුස් – පෝලන්ත දේශසීමා උල්ලංඝනය සිදු වන්නේ ද සුලබ ලෙසිනි.

පෝලන්ත දේශසීමා ආරක්ෂකයින් විසින් බෙලරූස් සිට පෝලන්තයට නීතිවිරෝධී ආකාරයෙන් පැමිණෙන සංක්‍රමණිකයන් මැඩලීමට ගත් උත්සාහය 160 දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් අවසන් විය. එසේම ඔවුන් අතර ශ්‍රී ලාංකිකයන් ද සිටින බව Sky News වාර්තා කරයි.

දේශසීමා නිලධාරීන් උපුටා දක්වමින් පෝලන්ත මාධ්‍ය වාර්තා කරන්නේ සෝමාලියාව, ඊජිප්තුව, ඉතියෝපියාව සහ ශ්‍රී ලංකාව යන රටවල පුරවැසියන් ඇතුළු 160 දෙනෙකු ඊයේ (13) දින පෝලන්තයට යාමට උත්සාහ කිරීමේ දී මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි. සිරියානු ජාතිකයින් සිව් දෙනෙකුට සහ බංග්ලාදේශ ජාතිකයින් තිදෙනෙකුට පෝලන්තයට යාමට උපකාර කිරීමට උත්සාහ කළ යුක්රේන ජාතිකයින් තිදෙනෙකු ද අත්අඩංගුවට ගත් බව ඔවුහු වැඩිදුරටත් අවධාරණය කරති.

Sky News වාර්තාවට අනුව, නීතිවිරෝධී දේශසීමා හරස් කිරීම්වලට සහය වීම නිසා මේ වසරේ දැනටමත් 500කට වැඩි පිරිසක් රැඳවියන් සේ සිටිනු ඇත. දේශසීමා ආරක්ෂක ප්‍රධානියා පවසන්නේ ජනවාරි මාසයේ සිට පුද්ගලයින් 19,000 ක් නීතිවිරෝධී ලෙස දේශසීමා තරණය කිරීමට උත්සාහ කර ඇති බවයි.

මේ සඳහා සංක්‍රමණිකයන් උපයෝගී කරගන්නේ රහසිගත හරස් මාර්ග වේ. ඔවුන් ඒවායෙන් රටට ඇතුළු වීමට වෙර දරන්නේ කූඨ උපාය මාර්ග වලට නොවනු ඇත. ඔවුන්ට ද එවැනි රටක ජීවත් වීමට නැඟෙන ආශාව මනාව ඇති හෙයින් මෙලෙස අභියෝග බාර ගනිමින් ජීවිතය දිනන්නට ඔවුහු ඕනෑම ක්‍රියාවක් සිදු කිරීමට මැලි නොවෙති.

සටහන – නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...

සුඩානයේ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : සුඩානයේ...

ඇඟ බේරගන්න එක එක්කෙනාට රජය බෝලේ පාස් කරන්නේ කොහොමද කියලත් අපි දන්නවා – නාමල්

සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ලාංඡන පච්චයක් ගහන් ඉන්නවා නම් අල්ලන්න පනතක්...