ප්‍රශ්න ඉවරයක් කරන්න මට සහය දෙන්න!

කොළඹ LNW:තවදුරටත් ආර්ථික ස්ථාවරභාවය ඇති කර ප්‍රශ්න අවසන් කිරීමට තමන්ට සියලු දෙනම සහය දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියේය.

ඒ, අද (15) නාමයෝජනා භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

”අද අපේක්ෂකත්වය භාර දීලා තියෙනවා මේ ජන්දය පවත්වන්න. අපි වෙනුවෙන් විශාල කණ්ඩායම් පැමිණිලා තිබෙනවා. මම අහන්නේ එක කාරණයයි. අපි ඉන්ධන ලබල දුන්න නිසා ආර්ථිකය හදපු නිසා මෙතනට එන්නේ. අද ආහාර ගන්නේ මේ ප්‍රශ්නය විසඳපු නිසා. අපි තව ඉදිරියට යන්න ඕනේ. මේ ආරම්භ කළා විතරයි. ඒ නිසා පි ආරම්භ කරපු ආර්ථික ස්ථාවරභාවය තව ඉදිරියට ගිහින් තමයි අවසන් කරලා අලුත් ආර්ථිකය පරිවර්තනය කරන්නේ මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් විදිහට. අදත් ඉන්න තවත් අමරුවෙන් ජීවත් වෙන අය. ආර්ථිකයක් කඩා වැටුනම ඒක සාමාන්‍ය සිදුවීමක්. ඒවා අවසන් කරන්නයි මට සහයෝගය දෙන්න කියල මම සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ.” යනුවෙන් වත්මන් ජනාධිපතවරයා තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...