හවායි හි ලැව්ගිනි පුපුරු අස්සෙන් තවමත් සොයන ජීවිත!

හවායි හි ගිනිගත් නිවාස සහ වාහන හරහා ගමන් කරන ප්‍රතිසාධන කාර්ය මණ්ඩලය දිනකට වින්දිතයින් 10 ත් 20 අතර ප්‍රමාණයක් සොයා ගන්නා බවට අනතුරු අඟවා තිබේ.

ගින්නෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 99 ක් වන අතර එය සියවසකට වැඩි කාලයක් තුළ එක්සත් ජනපදයේ ඇති වූ මාරාන්තික ලැව්ගින්න බවට පත් වී ඇත.

ආණ්ඩුකාර ජොෂ් ග්‍රීන් CBS ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් සම්පූර්ණ මරණ සංඛ්‍යාව දැන ගැනීමට දින 10 ක් ගතවනු ඇති බවත්, මේ වන විට අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාව 1300ක් පමණ වන බවත් පැවසීය.

පසුව ඔහු මාධ්‍ය හමුවකදී කියා සිටියේ ගින්නෙන් විපතට පත් 25% ප්‍රදේශයෙන් මළ සිරුරු සෙවීමට කටයුතු කර ඇති බවයි.

සටහන – නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...