තවත් වෙඩිතැබීමක්. තරුණයෙක් මරුට !

0
426

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී පුර පොලිස් වසමේ ගැමුණුපුර පුල්ලෙයාර් හන්දිය ප්‍රදේශයේදී අද (16) අළුයම සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මරුමුවට පත්ව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ ශ්‍රී පුර, කාවන්තිස්සපුර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවකු විසින් වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති අතර වෙඩි වැදුණු පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති බව සඳහන්.

ටී 56 ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය සඳහන් කරන්නේ.