*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

රට ගොඩගන්නට පාසල් පද්ධතියේ සිටම තාක්ෂණික විප්ලවයක් අවශ්‍යයි – සජිත් (VIDEO)

පවතින ආර්ථික අවපාතයෙන් රට ගලවා ගැනීම සඳහා සෑම ක්ෂේත්‍රයකම තාක්ෂණික දියුනුවක් සිදු විය යුතු බවත් එය මෙරට පාසල් පද්ධතියේ සිට අරම්භ විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ අනුව, ඉදිරියේ දී සමගි ජන බලවේලය සහ සමගි ජන සන්ධානය විසින් රට තුළ තාක්ෂණික විප්ලවයක් සිදු කරන බවත් ඒ තුළින් සෑම ක්ෂේත්‍රයක්ම දියුණුවට පත් කර රට පත්ව ඇති අර්බුධකාරී තත්ත්වයෙන් මුදවා ගැනීමට කටයුතු කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ පෙරේදා (14) පැවති පැල්මඩුල්ල ආසන බල මණ්ඩල රැස්වීම අමතමිනි. සමගි ජන බලවේගයේ පැල්මඩුල්ල ආසන සංවිධායක නීතිඥ සමිත ආටිගල මහතා විසින් එය සංවිධානය කොට තිබුණි.

මේ අවස්ථාවේ රට අසීරු තත්ත්වයක පැවතියත් එම තත්ත්වය යම් තරමකින් හෝ පාලනය වී ඇත්තේ 80 දශකයේ අග භාගයේ සහ 90 දශයේ මුල් භාගයේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා විසින් ඇගලුම් කම්හල් 200 වැඩපිළිවෙල ආරම්භ කළ නිසා බවත් විපක්ෂ නායකවරයා එහිදී සිහිපත් කළේය.

එහෙත් ඉන් පසු බිහි වූ නායකයින් පටු දේශපාලන අරමුණකින් යුතුව එම වැඩසටහන ක්‍රියාත්මක නොකළ බවත් යම් හෙයකින් එම අපනයන කේන්ද්‍රීය ඇගලුම් කර්මාන්ත වැඩසටහන අඛණ්ඩව ක්‍රියාවට නැංවූයේ නම් අද අප මුහුණ දී සිටින ආර්ථික අවපාතයෙන් පහසුවෙන් මිදීමට හැකිව තිබුණු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan