අවුන්සාන් සුකීට තවත් අමතර වසර 6ක සිර දඬුවමක්

Date:

නොබෙල් ත්‍යාගලාභී අවුන්සාන් සුකී 2021 වසරේ පෙබරවාරියේ පැවැති මැතිවරණයෙන් පසු නෙරපා සිර අඩස්සියේ තැබූ මියන්මාරයේ මිලීටරි රෙජිමය විසින් දූෂණ විරෝධී චෝදනාවන් මත වරස 11කට නියම වූ සිර දඬුවම තවත් වසර 6කින් දීර්ඝ කර ඇති බව මියන්මාරයේ රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම නඩු තීන්දු විශේෂිත උසාවියක දී අසනු ලැබූ අතර මාධ්‍යට නඩු තොරතුරු තහනම් වූ අතර සඳුදා තීන්දු වූ දූෂණ නඩු හතරේ දී, අවුන්සාන් සුකීට පොදු ඉඩම් වෙළඳපල මිලට වඩා අඩු මුදලකට කුලියට ගැනීමට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කර වාසස්ථානයක් ඉදිකර ගැනීමට තම තනතුර අනිසි ලෙස භාවිතා කළ බවට චෝදනා එල්ල විය. චෝදනා හතරකටම ඇයට වසර තුන බැගින් සිර දඬුවම් දීර්ඝ වූ අතර ඇගේ නීතීඥයින්ට නඩු කටයුතු පිළිබඳ තොරතුරු හෙළි කිරීම තහනම් කර තිබිණි.
කෙසේ නමුත් ඇයගේ නීතිඥයන් මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට සූදානම් බවද අනාවරණය වේ.

ඇය මේ වන විට නඩු විභාග කිහිපයකදී වරදකරු කර ඇති චෝදනා අතරට උසිගැන්වීම, දූෂණය, කොවිඩ් නීති කඩ කිරීම සහ විදුලි සංදේශ නීතිය කඩ කිරීම ඇතුළත් වේ.තවත් නඩු විභාග බලා සිටින අතර, ඇයගේ ජීවිත කාලය පුරාම ඇයව අත්අඩංගුවේ තබා ගැනීමට සැලසුම් කර ඇති බවට හමුදාවට චෝදනා එල්ල වේ. මේ වන විට අවුන්සාන් සුකීගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ සහ ඇයගේ ආණ්ඩුවේ අනෙකුත් ඉහළ සාමාජිකයින් ද අත්අඩංගුවට ගෙන සිරගත කර ඇත.

යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී ජොසෙප් බොරෙල් මෙම නඩු තීන්දුව හෙලා දුටු අතර ඔහු ටුවිට්හි සඳහන්කර තිබුණේ සිරකරුවන් නිදහස් කරන ලෙසත්, ජනතාවගේ කැමැත්තට ගරු කරන ලෙසත්අවුං සාන් සුකීට අමතර වසර හයක සිරගත කිරීම සඳහා වූ අසාධාරණ දඬුවම තමා හෙළා දකින බවත්ය.

77 හැවිරිදි අවුන්සාන් සූකී දශක තුනකට වැඩි කාලයක් මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි විරෝධයට මුහුණ දුන් තැනැත්තියකි. මේ වන විට මියන්මාරයේ මිලීටරි රෙජිමයට සිවිල් වැසියන්ට ගුවන් ප්‍රහාර එල්ල කිරීම සහ මුළු ගම්මාන ගිනි තැබීම ඇතුළු අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සහ ඝාතන, වධහිංසා පැමිණවීම් සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

සශිකලා මධුෂාණී_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...